පාස්කු ප්‍රහාරයේ ඇත්තම ඇත්ත!

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයේ සත්‍ය කතාව කුමක්ද යන්න තවමත් බොහෝ දෙනකුට උභතෝකෝටිකයකි. රහස් පොලීසිය දිගින් දිගටම පරීක්ෂණ පවත්වන අතර මේ දක්වා කිසිවකුට තමන් බලාපොරොත්තු වන උත්තර නම් ලැබී නැත. සහරාන් ඇතුළු ආගමික අන්තවාදී කණ්ඩායම් විදේශික සිය මූලධර්මවාදී හිතවතුන්ගේ සහාය ඇතිව මෙය සිදුකරන ලද්දක් බවට වූ පොදු මතය හැරෙන්නට වෙනත් පිළිගත හැකි නිගමනයක් තවම ප්‍රකාශයට පත්වී නැත.

එහෙත් එය කාදිනල්තුමා හෝ කතෝලික සභාව පිළිගැනීමට සූදානම් නැත. කාදිනල්තුමන්ට බලවත් සැකයක් ඇති බව පෙනෙතත් ඒ කවුරුන්ද යන්න ප්‍රකාශ කරන්නේ නැත. තමන්ගේ හිතේ තියෙන සැකය තහවුරු වනතුරු කාදිනල් තුමා මෙය අත්හැරීමේ සූදාමක්ද නැත.

රහස් පොලීසියට අංජනම් බලනවා හැර වෙනයමක් කරන්න හැකියාවක් නොමැති තරමට කල්පිනූ ගල්භීතවූ පරීක්ෂණයක් බවට මෙය පත්ව ඇත.

ඇත්තටම මොකක්ද වුණේ ? තවත් හොයන්න දේවල් තියෙනවද? නැත්නම් දැන් අප ළඟා වී ඇත්තේ පරීක්ෂණවල අවසානයටද? ලෝකය පුරා සිදුවන ආගමික අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සමඟ සන්සන්දනාත්මකව විමසා බැලීමේදී අපට අල්ලා ගෙන එන්න පුළුවන් තරමේ මහමොළකරුවකු සිටිය හැකිද?

ඇමරිකාවේ පරීක්ෂණ කණ්ඩායමක් පවා දැනට හෙළිදරව් වී ඇති සහරාන් කණ්ඩායම මෙම ප්‍රහාරයට වගකිව යුතු බව ප්‍රකාශ කර තිබේ. දැන් සිදුවනුයේ එළුවාගේ ….වැටෙනතුරු හිවලා හඹායෑම වැනි නිරර්ථක ක්‍රියාවක්ද? හිඟන්නා ගේ තුවාලය වැනි දෙයක්ද? කාගේ හෝ පෞර්ෂය නංවාලීමේ අරමුණක් නැද්ද?

මගේද පෞද්ගලික අදහස පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉදිරි පරීක්ෂණ වලදී සිදුකළ හැක්කේ මහ මොළකරුවකු නොව පොඩි මොළකරුවන් අහිනක් හඔා යෑමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද ??

මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත්...

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....

දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...

2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...