කොළඹ LNW: දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය ඊයේ (08) බෙයිජිං හිදී ආරම්භ වුණා.
මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරුණා. ඒ අතරින් නව නිෂ්පාදිත 100කට අධික සංඛ්‍යාවක් පළමුවෙන් එළිදැක්වීම ද විශේෂත්වයක්.
සම්පූර්ණ මානවරූපී රොබෝ නිෂ්පාදන සමාගම් පනහක් මෙවර එක්ව ඇති අතර, එය වාර්තාගත සංඛ්‍යාවක් බවයි වාර්තා වන්නේ.
චීනය අඛණ්ඩව වසර 12 ක් පුරා ලොව විශාලතම කාර්මික රොබෝ වෙළඳපොළ සහ ලොව විශාලතම රොබෝ නිෂ්පාදකයා වනවා. වර්තමානයේ, කාර්මික රොබෝවරු ජාතික ආර්ථිකයේ ප්‍රධාන අංශ 71කට සහ මධ්‍යම පරිමාණයේ අංශ 236කට භාවිත කෙරෙනවා. චීනයේ මානවරූපී රොබෝවරුන්ගේ සංචලනය සහ ශක්‍යතාව පිළිබඳ කැපීපෙනෙන ප්‍රගතීන් අත්කර ගෙන ඇති අතර ගෝලීය වශයෙන් හිමි වන්නේ ප්‍රමුඛස්ථානයක්.
දිනූෂි ධීරසිංහ
