තුසිත හල්ලොලුවත් අතුරුදන් ?

Date:

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කළ තුසිත හල්ලොලුව අත් අඩංගුවට ගැනීම සඳහා ඔහු පදිංචිව සිටින නිවසට කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් ගොස් ඇතත් ඔහු නිවසේ සිට නොමැති බව වාර්තා වේ.

ඔහු යන එන තවත් ස්ථාන කිහිපයකට ද පොලීසිය ගොස් ඇතත් ඔහුව සොයාගැනීමට නොහැකි වී ඇති බව සඳහන්.

තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතීඥවරයා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එම රථයට වෙඩිතබා එහි තිබූ ලිපිගොනුවක් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරන අතර ඔහුව අත් අඩංගුවට ගැනීමට සොයා ඇත්තේ එම විමර්ශනයට අදාළව බවයි ආරංචිමාර්ග පැවසුවේ.

එම වෙඩිතැබීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු, යතුරුපැදිකරු සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් කිහිපදෙනෙකුම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සහ තාක්ෂණික විමර්ශනවලදී හෙළිවූ කරුණු අනුව තුසිත හල්ලොලුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරෙමින් පවතින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙරලපනාතර සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව සැරටම පරාදයි !

මාතර දිස්ත්‍රික්කයේ බෙරලපනාතර සමූපකාර සමිතියේ නිලවරණයේදී ද ජාතික ජන...

පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ...

නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...

සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...