ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ LNW:

අද (09) පෙරවරුවේ ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක, විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ 1996 වසරේදී ජිනීවාහි ආදිවාසී සමුළුවට සහභාගී වීමත් සමඟ ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමේ කතිකාව ආරම්භ කෙරුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය 1999 වසරේදී කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විය.

විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එක්ව ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය විචිත්‍රවත් අයුරින් සංවිධානය කර තිබු අතර, සාමය සහ සෞභාග්‍යය සඳහා ආශිර්වාද කෙරෙන සාම්ප්‍රදායික කිරි කොරහා චාරිත්‍රය ඉටු කිරීම ඇතුළු ආදිවාසී ජනතාවට ආවේණික විවිධ සංස්කෘතිකාංග රැසකින් මෙම අවස්ථාව වර්ණවත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...