ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ LNW:

අද (09) පෙරවරුවේ ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක, විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ 1996 වසරේදී ජිනීවාහි ආදිවාසී සමුළුවට සහභාගී වීමත් සමඟ ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමේ කතිකාව ආරම්භ කෙරුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය 1999 වසරේදී කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විය.

විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එක්ව ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය විචිත්‍රවත් අයුරින් සංවිධානය කර තිබු අතර, සාමය සහ සෞභාග්‍යය සඳහා ආශිර්වාද කෙරෙන සාම්ප්‍රදායික කිරි කොරහා චාරිත්‍රය ඉටු කිරීම ඇතුළු ආදිවාසී ජනතාවට ආවේණික විවිධ සංස්කෘතිකාංග රැසකින් මෙම අවස්ථාව වර්ණවත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  අනූඑක් වන වියට...

අංක එකේ ධම්මික පෙරේරාට සුබ උපන් දිනයක් !

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වශයෙන් සැලකෙන ධම්මික පෙරේරා...

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන් නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2022 මැතිවරණ...

මර්වින් සිල්වා, ලොහාන් රත්වත්තේ විතරක් නෙවෙයි තිස්ස කුට්ටිආරච්චි වගේ අයත් මේ ආණ්ඩුවෙන් බලාගන්න පුළුවන් – මරික්කාර්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නීතිගරුකව,යුක්තිගරුකව රට පාලනය කරන බව පැවසුවද මර්වින්...