*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදයේ බලපෑමට ලක් වූ මිලියන 2ක කාන්තාවන් සහ ගැහැනු ළමුන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 10.7ක්!

2022 අගෝස්තු 08 – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සේවා නියෝජිතායතනය වන UNFPA අමෙරිකානු ඩොලර් මිලියන 10.7ක් සඳහා අයැදුම් කිරීම ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ මිලියන 2ක ට වැඩි කාන්තාවන් සහ ගැහැනු ළමුන් වෙත ඉදිරි මාස හය තුළ දී ජීවිත ආරක්ෂක සෞඛ්‍ය සේවා ලබාදීම පිණිසයි.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින්නේ, නිදහස ලැබුණු දා සිට මෙතෙක් අත් නොදුටු අසීරුතම සමාජ-ආර්ථික අර්බුදයකටයි. විදුලිය හිඟකම සහ අතිශය වැදගත් සැපයුම්, උපකරණ සහ ඖෂධ නොමැතිවීම් ආදී තත්ත්වයන් නිසා දැනට දුර්වල වී ඇති සහ, කලක් ශක්ති සම්පන්නව පැවති රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය, සනීපාරක්ෂාව ඇතුළු ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සේවා සැලසීම කෙරෙහි ද මෙම තත්ත්වය තදින්ම බලපා ඇත. එසේම, ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මුහුණ පෑ අය ඇතුළුව සහය අවැසි කාන්තාවන් සහ ගැහැනු ළමුන් උදෙසා වන පවත්නා ආරක්ෂණ යාන්ත්‍රණ වෙත ද මෙම තත්ත්වය අතිශයින්ම බලපා ඇත. කාන්තාවන් සහ ගැහැනු ළමුන් ප්‍රචණ්ඩත්වයෙහි අනතුරාසන්න බවට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින අතරම, ජීවිත-ආරක්ෂක සහය ලබාදීම අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය අරමුදල් නොමැති හේතුවෙන් සෞඛ්‍ය, පොලිසිය, රැකවරණ නිවාස, සහ උපකාරක ක්ෂණික ඇමතුම් අංක ඇතුළු සේවාවන් බිඳ වැටෙමින් පවතින බව 2022 මැයි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව පෙනී ගොස් තිබේ.

UNFPA විධායක අධ්‍යක්ෂිකා වෛද්‍ය නටාලියා කානෙම් පැවසුවේ, “වත්මන් ආර්ථික අර්බුදය නිසා කාන්තාවන් සහ ගැහැනු ළමුන්ගේ සෞඛ්‍යය, අයිතීන් සහ අභිමානය වෙත සිදුවන අනිටු විපාක සුළු-පටු නොවේ. මේ අවස්ථාවේ දී අප ප්‍රමුඛතාව ලබා දෙන්නේ, ඔවුන්ගේ සුවිශේෂී අවශ්‍යතා වෙත ප්‍රතිචාර දැක්වීමට සහ ජීවිත ආරක්ෂක සෞඛ්‍ය සේවා හා ආරක්ෂණ සේවා සහ සහය ලබාගැනීම් වෙත ඔවුන්ට ඇති ප්‍රවේශය සුරැකීමටයි.” යනුවෙනි.

ශ්‍රී ලාංකේය කාන්තාවන් සහ ගැහැනු ළමුන් වෙනුවෙන් සියයට 99ක ප්‍රතිශතයකින් යුතුව ආයතනික සහය සැලසීමේ ස්ථාවර ජයග්‍රහණ ලබන්නට හැකි වූ නමුත්, එකී ප්‍රගතිය මේ වනවිට තර්ජනයකට ලක් ව ඇත. දැනට සිටින ගැබිණි මව්වරුන් සංඛ්‍යාව 215,000ක් බවට ගණන් බලා ඇත. ඒ අතර නව යොවුන් තරුණියන් 11,000ක් සහ කාන්තාවන් 145,000ක් ඉදිරි මාස හය ඇතුළත දරුවන් බිහි කිරීමට සූදානමින් සිටින අය වෙති. ඒ අතරින් 60,000ක ට පමණ දරුවන් බිහි කිරීමේදී ශල්‍යකර්ම වල සහය අවශ්‍ය කෙරෙනු ඇත. සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශයට සහය පිණිස මුදල් සහ වවුචරපත් සහය සැලසීම UNFPA විසින් සිදු කරන අතර – දිවයිනේ විසිර-පැතිර සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ධාරිතාව සහ කුසලතා ඉහළ නැංවීම ද අඛණ්ඩව සිදු කළ ද – ගැබිණි මව්වරුන්ට යටිතල පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේ අභියෝගයන් මතු ව ඇති බැවින් පුහුණු වෛද්‍ය සේවා පහසුකම් වෙත පිවිසීමේ හැකියාව ද ඔවුන්ට අහිමි වී ඇත. එහි ප්‍රතිවිපාක ලෙස නිර්මාණය වූ පසුබිම යටතේ, දරුවකු බිහි කිරීම යනු ජීවිතයත් මරණයත් අතර සටනක් බවට පත්ව ඇත.

UNFPA ශ්‍රී ලංකා නියෝජිත, කුන්ලෙ අඩිනියි කියා සිටියේ, “වත්මන් ආර්ථික අර්බුදය නිසා කාන්තාවන් සහ ගැහැනු ළමුන්ට අතිශයින් වැදගත් වන සෞඛ්‍ය සහ ආරක්ෂණ අවශ්‍යතා සපුරාලීමට UNFPA කැප වී සිටියි. එසේම, ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සේවා සහ ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි සේවාවන් ශක්තිමත් කිරීම සහ වත්මන් අර්බුදයේ දිගු-කාලීන ප්‍රතිවිපාක අවම කිරීමට සහය සැලසීම වෙත අප අවධානය යොමු කර ඇත.” යනුවෙනි.

සිය අයැදුමෙහි කොටසක් වශයෙන් පහත කාර්යයන් ක්‍රියාවට නැංවීම ද සැලසුම් කර ඇත:
● මිලියන 1.2ක ජනතාවගේ ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම පිණිස, මව්වරුන් සඳහා හදිසි හා ප්‍රසව සහ පසු ප්‍රසව සත්කාර, සැලසුම් නොකළ ගැබ් ගැනීම් වළක්වන ප්‍රතිසංවිරෝධක සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වූවන් හට සායනික කළමනාකරණය සැලසීම ඇතුළුව ජීවිත-ආරක්ෂක ඖෂධ, උපකරණ සහ සැපයුම් බෙදා හැරීමට.
● ආබාධිත භාවයන් සමග ජීවත් වන පුද්ගලයන් ඇතුළුව සහය අවශ්‍ය කාන්තාවන් සහ ගැහැනු ළමුන් වෙත maternity සහ dignity කට්ටල 10,000ක් ලබාදීමට.
● ජීවිත ආරක්ෂක සෞඛ්‍ය සහ ආරක්ෂණ සේවාවන් වෙත පිවිසීම පිණිස කාන්තාවන් 37,000 ට වැඩි පිරිසක් වෙත මුදල් සහ වවුචර්පත් සහය ලබාදීමට.
● කාන්තාවන් 500,000 වෙත ගැබිණි සමයේ දී අනතුරු ඇඟවීමේ ලක්ෂණ පිළිබඳ තොරතුරු ලැබෙන බවට සහතික වීමට.
● මූලික සෞඛ්‍ය සේවා පසුබිම යටතේ දරුවන් බිහි කිරීම් සම්බන්ධයෙන් සහය ලබාදීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1,250 දෙනෙකුගේ හැකියා ශක්තිය සහ ලිංගික දූෂණයට ලක් වූවන් පිළිබඳ සායනික කළමනාකරණ කටයුතු සවිමත් කිරීමට.
● ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මුහුණ පෑ අය වෙනුවෙන් පවත්නා සේවාවන් පුළුල් කිරීම උදෙසා රැකවරණ නිවාස 10ක් වෙත සහය ලබාදීමට.
● ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම, සහ ලබාගත හැකි සේවාවන් සහ සහය පිළිබඳ ජීවිත-ආරක්ෂක තොරතුරු කාන්තාවන් සහ ගැහැනු ළමුන් 286,00ක් වෙත ලබාදීමට.
● ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙහි අවදානම අවම කිරීම පිණිස වන ජීවනෝපාය වැඩසටහන් මගින් කාන්තාවන් 12,500ක් වෙත සහය දැක්වීම.
● නවයොවුන් ගැහැනු ළමුන් 4,000ක් වෙත සනීපාරක්ෂක කුවා ඇතුළු සෞඛ්‍යාරක්ෂක නිෂ්පාදන ලබාදීමට.
● ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මුහුණ පෑ අය ඒවායින් වළක්වා ගැනීම, ආරක්ෂා කිරීම සහ අදාළ නිසි සේවා වෙත යොමු කිරීම ආදී ක්‍රියාකාරකම් සවිමත් කිරීමට නායකත්වය දෙමින්, සම්බන්ධීකරණය කිරීම.

කාන්තාවන් සහ ගැහැනු ළමුන් හට ආරක්ෂිතව දරුවන් බිහි කිරීමේ සහ ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ බහුවිධ ස්වරූපයන්ගෙන් මිදී ජීවත් වීමේ අයිතිවාසිකම් සුරැකීමට කටයුතු කිරීම, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ජාත්‍යන්තර සහ දේශීය හවුල්කරුවන් සමග මැදිහත්වීම් සම්බන්ධීකරණය කිරීම ආදිය පිළිබඳ පෙරමුණ ගෙන ක්‍රියා කරන්නා වූ ඹභත්‍ඡ් සංවිධානය වසර 50ක ට අධික පැවැත්මක් ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර තුළ සාඩම්බරයෙන් සනිටුහන් කර ඇත. එසේම, ඹභත්‍ඡ් විසින් ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ අත්‍යවශ්‍ය ඖෂධ සහ සැපයුම් සම්බන්ධයෙන් දැනටමත් ප්‍රසම්පාදන කටයුතු සිදු කර ඇති අතර, අවශ්‍යතාව සහිත කාන්තාවන් සහ ගැහැනු ළමුන් වෙත සනීපාරක්ෂක තුවා ඇතුළු සෞඛ්‍යාරක්ෂක අයිතම බෙදා දීමට ද කටයුතු කර ඇත. ගැබිණි සහ කිරි දෙන මව්වරුන් හට ගැබිණි සමයේ සහ දරුවන් බිහි කිරීමේ දී සුරක්ෂිත භාවය උදෙසා සෞඛ්‍ය පහසුකම් වෙත අඛණ්ඩ ප්‍රවේශය සහතික කිරීම පිණිස මුදල් වවුචරපත් සහය සැලසීම ද සිදුකරමින් පවතියි. එපමණක් නොව, දිවයින පුරා පිහිටි රැකවරණ නිවාස හතක් වෙත දිගින් දිගටම සිය සහය ලබාදෙමින් කටයුතු කරයි.
ඹභත්‍ඡ් හි ප්‍රතිචාරය යනු, එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකාවෙහි ආරම්භ කරන ලද මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැලසුම ට අයත් එක් කොටසකි. එමගින් අමෙරිකානු ඩොලර් මිලියන 47ක ට කැඳවුම් සිදු කර ඇත්තේ 2022 ජුනි සහ සැප්තැම්බර් මාස අතරතුර මිලියන 1.7ක ජනතාව වෙත ජීවිත-ආරක්ෂක සහය සැලසීම පිණිස ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan