මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ තමිල්නාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී කනිමොලි කරුණානිධි හමුවට

Date:

තමිල්නාඩු ප්‍රාන්තය සමඟ පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ජූනි මස මුල තමිල්නාඩුවේ මහ ඇමති සමඟ පැවැත්වූ සාකච්ඡාවේ පසු විපරමක් ලෙස, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 අගෝස්තු 4 වැනි දින නවදිල්ලි නුවර දී තූත්තුකුඩි මැතිවරණ කොට්ඨාශයේ ලෝක් සභා පාර්ල්මේන්තු මන්ත්‍රී කනිමොලි කරුණානිධි මැතිනිය හමුවිය. පාර්ලිමේන්තුවේ මෝසම් සැසිවාරයට සහභාගී වීම සඳහා නවදිල්ලි නුවරට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී කනිමොලි කරුණානිධි මැතිනිය, තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති එම්. කරුණානිධිගේ දියණිය වන අතර වත්මන් මහ ඇමැති එම්.කේ. ස්ටාලින් මැතිතුමාගේ නැගණිය ද වේ.

ලෝක් සභා මන්ත්‍රීවරිය විසින් මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා උණුසුම් ලෙස පිළිගන්නා ලදි.  ඉන් අනතුරුව පැවති ඉතා සුහද සාකච්ඡාව අතරතුර සිය අදහස් පළ කළ මහ කොමසාරිස්වරයා, වත්මන් ආර්ථික තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා තමිල්නාඩු ජනතාව ශ්‍රී ලංකාව වෙත ලබා දෙන මානුෂීය උපකාර පිළිබඳව සිය ස්තුතිය පුද කළේ ය.

තමිල්නාඩු ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින ඉතා සමීප ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික බැඳීම් පිළිබඳව සිය අදහස් හුවමාරු කරගත් මහ කොමසාරිස්වරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය, එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කළහ.

සිය පාර්ලිමේන්තු දේශන ඇතුළත් ග්‍රන්ථයේ දමිළ පරිවර්තනයේ පිටපතක් ද මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කනිමොලි මැතිනිය වෙත පිළිගන්වන ලදි. කනිමොලි මැතිනියගේ පියා වන තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති, දිවංගත එම්. කරුණානිධි මැතිතුමාට ද එම කෘතියේ පිටපතක් 2006 වසරේ දී තමන් විසින් පිරිනමන ලද අයුරු මහ කොමසාරිස්වරයා මෙහිදී සිහිපත් කළේ ය.

ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් (DMK) පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් මෙන්ම කිවිඳියක් ද වන කනිමොලි කරුණානිධි මැතිනිය, මෙම පක්ෂයේ කලාව, සාහිත්‍යය සහ තාර්කිකත්වය පිළිබඳ අංශයේ ප්‍රධානීතුමිය ලෙස සේවය කරයි. එතුමිය දේශපාලනයට පිවිසීමට පෙර මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කොට ඇත.

නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක ගාමිණී සරත් ගොඩකන්ද මහතා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.



ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 අගෝස්තු 08 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...