පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (09) දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී..

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ LNW:

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ( 2,723 ) දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී අද (09) දින පැවැත්වෙ නු ඇති.

මෙවර විභාගය සඳහා සිසුන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ( 294,089 ) සිංහල සහ දෙමළ මාධ්‍ය ඔස්සේ පෙනී සිටින බව සඳහන් වේ.

විභාග කොමසාරිස් ජනරාල්වරිය උපදෙස් දී ඇත්තේ දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය වෙනුවෙන් නියමිත වේලාවට පෙර විභාග ශාලා වෙත පැමිණෙන ලෙසයි.

ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමේදී අනුගමනය කළ යුතු කාලසටහන සහ නිවැරදි උපදෙස් පිළිබඳවද සැලකිලිමත්භාවයද වැදගත් බව බව පවසයි.

විභාග ශාලාව තුළට ඉලෙක්ට්‍රොනික උපකරණ හෝ වෙනත් සටහන් රැගෙන ඒම සපුරා තහනම් බවට දැඩි නීති රීති පනවා තිබේ.

සිසුන් තමන්ගේ විභාග අංකය නිවැරදිව සටහන් කරමින් පැහැදිලි අත්අකුරින් පිළිතුරු සැපයිය යුතු බවට අවධාරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...