රෂිකා හෙන්නායක අගෝස්තු 09 , කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව සොයා බැලීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ පියවර ගෙන තිබේ.
මේ යටතේ, අදාළ ගැටලු සාකච්ඡා කිරීමට බන්ධනාගාර බලධාරීන්, පොලිස්පතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් එළඹෙන 18 වනදා එම කොමිසම හමුවට කැඳවා ඇත.
මෙවැනි ගැටුම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වේ.
බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලුවලට රජය නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම්, ඒ පිළිබඳව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන බවට කොමසාරිස්වරයා අනතුරු අඟවා ඇත.


