ප්‍රංශයේ ලැව්ගිනි: සිය ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ප්‍රංශයේ ප්‍රදේශ රැසක පැතිර යන දැවැන්ත ලැව්ගිනි සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රංශ බලධාරීන් පවසන්නේ රටේ ලැව්ගිනිවලින් බහුතරයක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන බවයි. ඒ අතර හිතාමතා ගිනි තැබීම් මෙන්ම මිනිස් නොසැලකිල්ලෙන් සිදුවන ගිනි ගැනීම්ද ඇතුළත් වේ.

කෙසේ වෙතත්, ලැව්ගිනි වේගයෙන් පැතිරීමට අධික උෂ්ණත්වය, වර්ෂා හිඟය සහ වියළි කාලගුණික තත්ත්වයද ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

හිතාමතා ගිනි තැබීම් සිදු කළ බවට තහවුරු වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බලධාරීන් නිවේදනය කර ඇති අතර දේශගුනික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම තත්වය දේශගුණික විපර්යාස සහ වැඩිවන උණුසුම් කාලගුණය සමඟ සම්බන්ධ වන විශාල පාරිසරික අභියෝගයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...