*
Friday, October 11, 2024
spot_img

Latest Posts

ඔලිම්පික් උළෙලට සශභාගි වූ පළමු සරණාගත බොක්සිං ක්‍රීඩිකාව පළමුවෙන් පදක්කමක් දිනූ සරණාගත බොක්සිං ක්‍රීඩිකාව බවට පත් වේ.

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 09, (LNW) කොළඹ :

ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කරන්නට බොක්සිං ක්‍රීඩාවෙන් පළමු වරට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාව වන සින්ඩි එන්ගම්බා එම සහභාගීත්වයට ස්වරණමය වර්ණයක් නොඳුන්න ද,එය ලෝකඩ පැහැ ගන්වන්නට සමත් වූවාය.කැමරුන් දේශයේ උපන්න ද එහි වාතාවරණය මත එංගලන්තයට සංක්‍රමණය වන සින්ඩි,වරක් එංගලන්තයේ නීත්‍යානූකූලව රැදී නොසිටීමේ වරදට පිටුවහල් කිරීමට සුදානම් වුව ද,එය වැළකී ගියේ ඇය ඒ වන විට සමරිසි කාන්තාවක ලෙස හඳුනාගැනීම නිසාය.


සමරිසි කමට එංගලන්තය අනුග්‍රහය දැක්වීම ඇයව පිටුවහල් නොකිරීමේ හේතුව නොවිණි.එහෙත් කැමරුන් එම අනන්‍යතාවය නොපිළිගන්නා සහ ඒ සඳහා දැඩි දඬුවම් දෙන රටක් වූ නිසා එංගලන්තය ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට මිනිසුන්ගේ විවිධ අනන්‍යතාවයන්ට ගරු කරන රටක් ලෙස සින්ඩි පිටුවහල් නොකිරීමට තීරණය කළේය.


ඒ නිසා එංගලන්තයේ සරණාගත බිමක රැදී සිටින අතරේ ඇය වඩාත් කැමති බොක්සිං ක්‍රීඩාවේ නියැලෙමින් ඉදරියට පැමිණ තිබෙන අතර ඇය පිටුවහල් කිරීමට උත්සාහ කළ අවස්ථාවට ප්‍රථමවද,බොක්සිං සමඟ බැදී දක්ෂතා දක්වමින් උන්නාය.මේ වන විට ඇයට ක්‍රීඩාවට උචිත බිමක් සහ ඉඩක් ජාත්‍යන්තරයෙන් ලැබී ඇති අතර ඒ දක්ෂතාවලින් මෙවර ඇයට උරුම නොවූ රටක ධජයක්, දැක් වූ දක්ෂතා සමඟ එළැඹෙන ඔලිම්පික් වන විට එංගලන්තයෙන් ලබා දීමට ඇති ඉඩ බොහෝය.


අපි සින්ඩි එන්ගම්බා ට සුබ පතන්නෙමු.ඇය සිය හැකියාව මෙන්ම සිය අනන්‍යතාවයට ද ගරු කරන රටක ජීවත්වීම දිනා ගැනීමට සමත් වි ඇති අතර අදින් පසුව ඇය ඔලිම්පික් නියෝජනය කළ පළමු සරණාගත ක්‍රීඩිකාව හැටියට පමණක් නොවේය.ඒ ආකාරයට ඔලිම්පික් නියෝජනය කර පදක්කමක් දිනා ගත් පළමු ක්‍රීඩිකාව හැටියට ද ඉතිහාසයට එක් වෙනු ඇත.
අවසාන පූර්ව තරයේ දී,25 හැවිරිදි සින්ඩි පරාජයට පත් වූයේ ඇයට වඩා වසර 10 ක් වැඩිමහල් පැනමා ක්‍රීඩිකාවක වන බයිලොන් ඇතීනා ට ය.ප්‍රතිපලය සටහන් වූයේ 4-1 ක් ලෙසය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan