*
Friday, October 11, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

(වොෂින්ටන් වෘකයා)i

👺මනූෂ හා හරීන් ගේ තීන්දුව ලැබුණු මොහොතේ රනිල් ගේ ප්‍රතිචාර…..?

👺වයසම ජොකියා සියලු දෙනාට වඩා තරුණ වූ හැටි..?

 👺ස්වාධීන නරියාගේ ඡන්ද ලකුණ හා පාට.….?

👺රනිල් නොසිටින්න බංගලි දේශ ශෝකාන්තය ලංකාවට ආදේශ වෙන හැටි…..?

👺බංගලි තරුණයො නඩු අහල මිනිස්සු එල්ලන තැනට ඒම…..?

👺ලංකාවේ මෙන්ම බංගලි විපක්ෂයත් හැංගිලා……?

👺 සිරිකොතෙන් අවසර ගත් රනිල්…..?

👺එයා කැම්පස් ආවෙ මම තඔුත්තේගම සෙන්ට්‍රල් එක හදපු නිසයි…..?

👺IMF ගිවිසුම ඉරා දැමීම හා තානාපති අංශ කලබලවීම…..?

👺සජිත් හා ජලනි යළි විවාහ වෙයි…..?

👺ජවිපෙ පැසිස්ට් බව හා කෙටි පාරෙන් බලය ගැනීමේ කෑදරකම…..?

👺රජකම වෙනුවට දංගෙඩිය උරුම වූ ඉටිපන්දම් කුමරු…. ?

👺ජනපති ලේකම් සමන්ට ඇදුනු ස්වීප් එක…..?

කපටි නරියා ඒකාධිපතියෙකු නිසා ඔහුට ඡන්ද ඇලජික් ය. ව්‍යවස්ථා හිල් වලින් රිංගා බලෙන් රැදීම ඔහුගෙ උපාය බවට ගල් පැලෙන තර්ක ආවේය. දැන් ඡන්දයට දින ද නියමය. අපි තනියම යනවා කී පොහොට්ටුව වඩාත් අර්බුදයට ගියේ රාජපක්ෂ පවුල ද සමගිනි.

ඔවුහු රනිල් ට පා පහර දෙන විට එම මැති ඇමතිවරු 95% ක් රනිල්ගෙ කබායේ එල්ලුනේය. සල්ලි මල්ල හා බිලි බෝයි ලෙස ධම්මික විසිකොට ෂේප්වීමට ගැසූ ගැටයට ඔහු අසුවූයේ නැත. ඉටිපන්දම් කුමරාගේ බෙල්ල දංගෙඩියට තැබීම හැර විකල්පයක් තිබුණේ නැත.

වයසකම ජොකියා රනිල් යන්නේ හැල්මේ ය. ඒ නරි ක්‍රමයය.

“රනිල් ක්‍රියාවෙන් කතාවෙන් හා දැක්මෙන් අනිත් ඔක්කොම ජොකියන්ට වඩා තරුණයි” එසේ කීවේ 1999 ජනපතිවරණයේ ජවිපෙ අපේක්ෂක නන්දන ගුණතිලකය. නරියා දැන් උදේම බහින්නේ මල්පාරේ කාර්යාලයටය. ඔහුගේ උපදෙස් මත තීරණාත්මක කතාබස් හා සැළසුම් පැය 24 පුරාම දියත් වේ. උ / නැ ගොස් යාපනේ ශ්‍රීලනිප අංගජන් ගේ නිවසේදී පැවැති ව්‍යාපාරික හා තරුණ හමුවට එක්වූහ.

“ඔබයි ගිණිගත් රට නිව්වේ. එනිසා ආශීර්වාද කිරීම අපේ වගකීමක්” යාපන රදගුරු නාගදීප නාහිමි නල්ලූර් පූජක කීවේ එහෙමය. පුසිද්ධ අයිස්ක්‍රීම් කෑමට ලොල් ඔහු එහි ගොස් අයිස්ක්‍රීම් සමග ඡන්ද රැසක් පෙට්ටියට දමා ගත්තේ සෙල්පි ගහලාය.

මඩකලපු පැමිණ නීතීඥ ප්‍රජාව හමුවී විශාල ජාලයක් තැනීය. තරුණ හා සිවිල් ක්‍රියාකාරී හමු කිහිපයක් ද සංවිධානයවී තිබිණ. ජනපති හමුවී සහාය දීමට විවිධ සංවිධාන වලින් සාගල ට ආ ඉල්ලීම් වලට ද අවකාශ ලැබිණ. ත්‍රිමලේ දී ලැබුණේ ද නොදෙවෙනි ජනතා ප්‍රතිචාරය. ගලබොඩ හිමිගේ අපවත්වීම නිසා පසුදා හවස තිබූ වැඩ උදයේම නිමකර කොළඹ ආවේ ගංගාරාමය පවුලේ විහාරය බැවිනි.

” ජනපති අගමැති වි: නායක ඇතුළු බොහෝ නායකයන් වහාම එහි පැමිණිය ද ජවිපෙ නායකය දැක්කේ නෑ. ජවිපෙට ආගම අබිං. නැතිනම් භීෂණ කාලෙ  හිමිවරු මරාවිද” ඇමතිවරයෙකු කීවේය.

“වි: නායකට කතාවක් කියෙනව ද” අවමංගල කමිටුවට පැනයක් යොමුවිය. ගිහි කතා දෙක තුනක් වූයේ එහෙයිනි.

සතියේ මුල්දින තුනම නරියා කපටි ගේම් ගැහුවේ මල්පාරේ දීය.

“ඡන්ද ලකුණ හා පාට මොකද්ද කියල හැමෝම අහනවා” හුග දෙනෙකු ඇසුවෝය.

“ඒකත් වෙලාවට කියමු. රට ගොඩ නගන වැඩ පිළිවෙලයි මිනිසුන්ට ඔිනෑ” රනිල් කීවේ එහෙමය.

ජනපති පසුදා ජනපති කාර්යාලයට යනවිට මැති ඇමති හා දෙස්විදෙස් ආධාරකරුවන් රැසක් පැමිණ තිබිණ.

“ඔබ රටයි අනාගතයයි ගැන කියද්දි බොහෝ අපේක්ෂකයො එක්කො කාටහරි බනිනවා නැතිනම් තමන් ගැන කියනවා”  වජිර කීවේය.

“මේ පාර දෙන්නෙක් ජනාධිපති පුත්තු. දෙන්නෙක් ලංකාවෙ උපාධිකාරයො” ඇමති මනුෂ කීවේ සිනා මැදය.

“මම තඔුත්තේගම සෙන්ට්‍රල් එක හදපු නිසා එයා විශ්ව විද්‍යාලෙ ගියා. අනිත් එක්කෙනාගෙ පියා දෝෂාභියෝගෙන් බේරුවෙත් මමයි” නරියා කීවේ කොචොක් එකටය.

“සජබ සංධානෙට අලුතින් නෑ. හිටපු අයමයි. දයාසිරිත් හැමදාම සජිත් එක්කනේ හිටියෙ. මේක සජිත් ජලනි ව ආපහු කසාද බැන්ද වගේ එකක්” ඇමති ප්‍රසනින කීවිට සෙසු අයට මෙන්ම ජනපතිට ද සිනහව නවතා ගත නොහැකි විය.

“බංගලිදේශ තරුණයො මන්දිර කොල්ලකනවා, නඩු අහල තීන්දු දෙනවා, මන්ත්‍රීල හා වෙන ආගම් වල අය එල්ලල මරණවා. ඔබතුමා තත්වය පාළනය නොකළා නම් ලංකාවෙ තත්වය ඊට එහා. ජවිපෙ පාර්ලිමේන්තුව අල්ලල ගිණිතියල 88 කලා වගේ ජවිපෙ කෙටි පාරෙන් බලය ගන්න හදපු බව ලාල්කාන්තම කිව්වනේ” ඇමති ෂෙහාන් කළ විගුහය කාගේත් අවධානයට යොමු විය.

“ලංකාවෙ වගේම බංගලි විපක්ෂයත් රට බාරගත්තෙ නෑ හැංගුනා. ලංකාවෙ ආර්ථිකය විතරද ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තුව රැක්කෙත් රනිල් කියල ඉතිහාසයට යාවි” මනූෂ කීය.

“ඒ ඔක්කොම කළේ එකෙක් මරන්නෙ හෝ අතුරුදහන් නොකර. රනිල්ගෙ රටට අදාළ මහා හීන එක්ක ගත්තම අනිත් අයට තියෙන්නෙ පුංචි හීනය ඉන් රට ගොඩ ගන්න බෑ කියල වික්ටර් අයිවනුත් හොද විග්‍රහයක් කලා” ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් කීවෙිය.

“සජබ IMF ගිවිසුම වෙනස් කරනවා කියන එකට තානාපති කාර්යාල කලබල වෙලා. කවදාවත් ඒ ගිවිසුම් වෙනස් කරල නෑ. ඉරල දානව කියලයි මේ කියන්නේ. ඉරුවොත් රට තිබුණු තැනටම වැටෙනවා. ජවිපෙ වගේ අන්තවාදීන්ට මිසක් ජාතික තලයේ පක්ෂයකට එහෙම කරන්න බෑ” මහාචාර්ය ආශු කල අමුතු විග්‍රහයට ජනපතිගේ ද ප්‍රතිචාර ලැබිණ.

“IMF නිසයි ජපන් හා රටවල් රැසක ව්‍යාපෘති ලංකාවට දැන් එන්නේ” ජනපති කීවේය.

“රිෂාඩ් සජබ සන්ධානෙ ට නොගියෙ ඇයි. සජබ පදාසයකටත් ලොක්ක අන්තිම මොහොතෙ ගේමක් දේවි කියල සමහරු කියනවා” ෂෙහාන් කීවේ ජනතා මතයකි.

“රනිල් පරදින්න ඡන්ද ඉල්ලන්නෙ නෑ කියන මතයකුත් යනවා” ආශු කීය.

“ජනපතිවරණ මාධ්‍ය උපමාන ගැන වගකීම කොමිසම මට පැටෙව්වා” ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් කීවේ ජනපති හා ලේකම් සමන්ට ය.

“හරියට වැඩේ නොකලොත් අපිත් කොමිෂමට පැමිණිලි දානවා” සමන් කීවේ සිනා මැදය.

 දේශපාලන පළිගැනීම් ගැන ගෝටාභය පත්කල කොමිෂමෙන් එවකට අගමැති ලේකම් සමන්ට එරෙහිව කළ නිර්දේශ බලාත්මක නොකිරීමට උසාවිය තීන්දු කළේ ලක්ෂ එකහමාරක් සමන්ට ගෙවන ලෙස ද නියෝග කරමිනි.

“ඉදල හිටල දුප්පත් අපිටත් ස්වීප් ඇදෙනවා” තීන්දුව ගැන සමන් කීවේ කොක්හඩලමිනි.

ඒ සමගම හරීන් හා මනුෂ ට අදාළ තීන්දුව ද ලැබිණි. හිත කීරිගැහී ගිය ද නරියා ඔින දේකට ඔරොත්තු දෙන සත්වයෙක් බව එහිදීද පෙන්නුම් කළේ අහස ඔළුවට කඩා වැටුණ ද සුපුරුදු සැහැල්ලු බව පසක් කරමිනි.

රනිල් සිරිකොත කෘත්‍යාධිනාරියෙන් අවසර ගත්තේ ස්වාධීනව තරඟ කරන්නටය. තව තව ජල්ලි ගොඩක් නරි ඔළුවේ වැඩ කරනවා ස්ථිරය. සති අන්තයේ නුවර හා නුවරඑළි බැස්සේ සැප ගන්නට නොව ගුලි අඔරණ මැෂිමක් ද රැගෙදැයි දන්නේ නැත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan