සාගරගෙන් සහ තිස්සකුට්ටිගෙන් කෝටි 2000ක් වන්දි ඉල්ලා අනුර පැවරූ නඩුවට දින දෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා ජන රැළියකදී සිදු කළ ප්‍රකාශයකින් තමන්ට සිදුවූ අපහාසයට රුපියල් කෝටි 2,000ක් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකර ඇති නඩුව දෙසැම්බර් 20 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය ඊයේ (09) නියම කර තිබේ.

2023 වසරේ අගෝස්තු 19 වනදා මැද කොළඹ ආසනයේදී සංවිධානය කර තිබුණු මහජන රැලියකදී සිදුකළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදුව ඇති බවත් එයින් සිදුවූ හානියට විත්තිකරුවන්ගෙන් රුපියල් කෝටි 1000 බැගින් අයකර දෙන ලෙසත් ඉල්ලා මෙම නඩුව පවරා ඇත.

සාගර කාරියවසම් සහ ජානක තිස්සකුට්ටිආරච්චිට අමතරව එම ප්‍රකාශය විකාශනය කළ රූපවාහිනී නාලිකාවත් මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇත.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර ඇත්තේ විත්තියේ පිළිතුරු දෙසැම්බර් 20 වනදා ඉදිරිපත් කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...