සටහන – රුවන් නෙළුගොල්ල
වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක රියදුරෙකුගෙන් රුපියල් 2000 ක අල්ලස් මුදලක් ලබාගැනීම ඇතුළු චෝදනා 4කට වැරදිකරු වූ පොලිස් නිලධාරියෙකුට වසර 8ක සිර දඬුවමක් පැනවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (09) නියෝග කළේය.
මෙසේ සිර දඬුවම් නියම වූයේ පිළියන්දල පොලීසියේ රථවාහන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුට ය.
චෝදනා 4ට රුපියල් 5000 බැගින් රුපියල් 20000ක දඩයක් ද නියම කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකාර ටිපර් රථ රියදුරාට රුපියල් 50000 ක වන්දියක් ගෙවන ලෙසත් පොලිස් නිලධාරියාට නියම කළේය.
වසර 8ක සිර දඬුවම වසර 4කින් එකවර ගෙවී යන පරිදි නියම කරන බවත් මහේස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.
