*
Friday, October 11, 2024
spot_img

Latest Posts

සජබ e කොළම.

(වොෂින්ටන් මකරා)

🍎අපහසුවෙන් බාධක මැද ගොඩ නැගූ සජබ ට දෝ‍හීවන අයට නිසි පිළිතුරු ලබාදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගෞරව පුර්ව ස්තුතිය පළකරනවා. සමහරු ලග බැලුවෙ. දේශපාලනයේදී දුර බලා හැල්මේ දුවන එක තමයි නිවැරදිම ක්‍රමය වෙන්නේ – වි : නායක සජිත්.

🍎සජබට යළි ලැබුණු මන්ත්‍රීධුර දෙකින් ජාතික ලැයිස්තුව නොපුරවන තීන්දුවක්. මනූෂ වෙනුවට ගාල්ලෙන් බන්දුලාල් බණ්ඩාරගොඩ පාර්ලිමේන්තුවට.

🍎VFS වීසා හොර ගනුදෙනුවෙන් මහබැංකුව කොල්ලකෑවටත් වඩා රටට විශාල පාඩුවක් කරලා ඡන්දෙට සල්ලි හොයලා – සජිත්.

🍎සිංහල දෙමළ මුස්ලිම් සියලුම ප්‍රබල පක්ෂ 10 ක එකමුතුවෙන් බිහිවූ ජාතික සමගි සංධානයට අති උත්කර්ෂවත් ලෙස අත්සන් තැබේ.

🍎මේ රටේ කිසිම අධ්‍යාපන ඇමති කෙනෙක් දින 02 කට වරක් පාසැලකට ගිහින් නෑ. ඒත් සජිත් ඒක කලා විතරද රු කෝටි සිය ගණනක ස්මාට් පංති කාමර 380 කුත් රටපුරා දරුවන්ට දුන්නා – ඩලස්.

🍎 ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජික හා පරිවාස ආණ්ඩුවෙන් පසු 2004 ජවිපෙ ද ඇතුලත්වූ  ආණ්ඩුවේ මාතර දිසා ජවිපෙ මන්ත්‍රී හා එම රජයේ හිටපු ධීවර ඇමති චන්ද්‍රසේන විජේසිංහ සජබ ට එක්වෙයි.1

🍎මෙච්චර කල් නිකම් ඉදලා ඡන්දෙ ආව ගමන් උපාධිධාරීන්ට රැකියා දෙන මැතිවරණ නීති කඩය වැඩ සිදු කිරීම ඉතා පහත් වැඩක් – සජබ.

 🍎විශ්‍රාමික අයට බැංකු පොළීය තිබුණු විදියට 15% කරන්න. 10% කිරීම තේරුමක් නැති රැවටිල්ලක් – සජිත්.

🍎සුරුට්ටු කඩයක් නොකරපු තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව හා ඇමතිකම් 04 කරගන්න බැරිවූ ජවිපෙ අය දැන් රට සුරපුයක් කරන්න ඉල්ලීම විහිළුවක් – අශෝක් අබේ.

🍎පාර්ලිමේන්තුව වටකරලා එය අල්ලගෙන හෝ ගිණි තියලා බලය 88 දී පිහිටවන්න ජවිපෙ තුළ එදා තිබුණු නරුම බව ගෝල්පේfස් අරගලය අවසානයේදීත් තිබුණු බවත් එය වැළකුණ එක  අපරාදයක් බවත් ජවිපෙ හා ලාල්කාන්ත කීම ඉතා භයානක තත්වයක් – මහලේකම් රංජිත්.

🍎රාජ්‍යයට ප්‍රජාතන්ත්‍ර විරෝදීව පැසිස්ට් ක්‍රමයට අභියෝග කරන්න උත්සාහ කල බව ජවිපෙ ලාල් එළිපිට කියපු නිසා ජවිපෙ නායකයන් වහාම අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ වගකීමයි. එම චෝදනාවට මරණ දඬුවම හෝ ජීවිතාන්තය තෙක් හිර දඬුවම ලැබෙනවා – කිරිඇල්ල.

🍎පාර්ලිමේන්තුවට බලෙන් ඇතුළුවී රාජ්‍යට බලහත්කාරකම් කිරීමට ට්‍රයි කල බව සෘජුව කී ජවිපෙ ට එරෙහිව සජබ නීතිඥයෝ CID යට පැමිණිලි කළා – නිරෝෂන් පෙරේරා.

🍎IMF වැනි ලෝක මට්ටමේ ගිවිසුම් හා රට ගොඩයන මාර්ගයට ආපු ක්‍රමවේද කඩලා රට තිබුණු ගිණි ගොඩටම වට්ටන්න පුළුවන් ජවිපෙ වැනි විනාශකාරීන්ට විතරයි. ජාතික මට්ටමේ කිසිම පක්ෂයක් එහෙම ගොං වැඩ කරන්නෙ නෑ – වෛද්‍ය රාජිත.

🍎දයාසිරි තිලංග ඇතුළු ශ්‍රීලනිප පාර්ශවය මනෝ දිගම් හා රාධක්‍රීෂ්ණන් ඇතුළු වතුකරයේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය හා හකීම් ඇතුළු මුස්ලිම් කොංග්‍රසයත් සජබට එක්වෙයි. 

🍎චමින්ද වාස්, හෂාන් තිලකරත්න ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් සජබ ට එක්වෙයි.

🍎පොලීසිය විපක්ෂයේ බැනර් කටවුට් ඉවත් කලාට ජනපතිගෙ ඒවට අත තියන්නෙ නෑ. ඒ සෙල්ලම් බෑ කියල අපි පොලීසියට මතක් කරනවා – චන්දිම වීරක්කොඩි.

🍎සජබ දැන් 45% ක මට්ටමේ ඉන්නෙ.  දිනුම් කණුව පේන තෙක්මානයට අපි ඇවිත් – සුජීව.

🍎ලෝකෙ වටේ ගිහින් ඒ රටවලත් අමාරුවෙන් ඉන්න මිනිස්සු අන්දලා සල්ලි ගෙනත් අනුර හා ජවිපෙ නායකයො සෙට් එක බ්‍රෑන්ඩඩ් අදුම් අදිනවා සුපිරි කෑම බීම ගන්නවා හැර ඔවුන්ගෙ කිසිම වෙනස්කමක් නම් වෙලා නෑ – සුජීව.

🍎ආණ්ඩුව මාධ්‍යකරුවන් කැදවලා කන්න බොන්න හා තෑගි දීලා ජනමතය වෙනසකට අර අදින බවට කිරිඇල්ලගෙන් චෝදනා. මර්වින් ගෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි.

  1. ↩︎

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan