සජබෙට ඕනේ ඔළුගෙඩි එකතුකරන්න විතරයි.ප්‍රතිපත්තියක්,ස්ථිර ගමනක් නැහැ – සරත් ෆොන්සේකා

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයට අවශ්‍යව තිබෙන්නේ ඔළුගෙඩි එකතු කිරීමක් මිස ඔවුන්ට දැන් ප්‍රතිපත්තියක්,ස්ථිර දේශපාලන ගමන් මඟක් නොමැති බව ජනාධිපති ධූර අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මහතා පවසයි.

තමන් සමඟි ජන බලවේගයේ සෑම අස්සක් මුල්ලක් නෑරම දන්නා හෙයින් නිවැරදි විය යුතු තැන නිවැරදි වන්නේ නම් ගැටළුවක් නොමැති බවත් එලෙස වෙනස් වුවහොත් ඝට්ටනයක් ඇත නොවිය හැකි බවත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එහෙත් විශේෂයෙන් එම අඩුපාඩු හදා ගැනීමට සජබ නායකයාට වුවමනාවක් ඇති බවක් පෙනෙන්නට නැති බවයි ඔහු කියාසිටින්නේ.

සමඟි ජන සන්ධානය වුවද හරියට කන්දක් විලිලා මී පැටියෙක් බිහිවූවා වැනි දෙයක් සිදු වූ බවත් එහි අලුත් දෙයක් නොතිබුණු අතර පොහොට්ටුවෙන් ගැලවී ආ ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස් ඇතුළු 10ක් පමණ සිටි බවද ෆොන්සේකා මහතා සඳහන් කරයි.

නමුත් ඔවුන් දිගටම සජබය තුළ රැඳෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් මහ මැතිවරණයකදී ඔවුන් වෙනස් විය හැකි බවත් පවසන ෆොන්සේකා මහතා තවදුරටත් කියාසිටින්නේ එහි ලොකු දෙයක් නොවුණත් විශාල ප්‍රසිද්ධියක් දුන් බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...