අප්පච්චි මළා මේ පාර රනිල්ට!

Date:

කොළඹ LNW: අප්පච්චි මළා ලෙස ප්‍රසිද්ධ වී සිටින හිටපු අමාත්‍යවරයෙකු වන විජිත් විජයමුණි සොයිසා මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන බව ප්‍රකාශ කර තිබේ.

අවසන් වරට එනම් පසුගිය මහ මැතිවරණයේදී ඔහු සිටියේ සමඟි ජන බලවේගය සමඟ වන අතර මැතිවරණයට ඉදිරිපත් වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එහෙත් ඔහුට ආසනය ජයග්‍රහණය කිරීමට හැකි වූයේ නැත.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ පසු අප්පච්චි මළා බව පවසමින් විජිතමුණි සොයිස මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක්විය.

කෙසේවෙතත් පසුගිය කාලය තුළ වුවද ඔහු සජබය සමඟ සක්‍රීයව දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී නැති බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...