නව භික්ෂු එකමුතු කතිකාවේ සහය ජනපති රනිල්ට!

Date:

කොළඹ LNW:පැපිලියාන සුනේත්‍රා දේවී රජමහා විහාරස්ථානයේ දී ඊයේ (09) පැවති නව භික්ෂු එකමුතු කතිකාව එළඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාට සහය දක්වන බවට ප්‍රකාශ කළේය.

එම කතිකාවට එක්වෙමින් රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන මහා ලේඛකාධිකාරී කර කොලේ පියදස්සි නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ කියන නම ලෝකයේම රැඳවූ නාමයක් වන අතර මුළු ආසියාවම වුවත් මෙහෙයවීමට ශක්තිය, බුද්ධිය, පරිණත භාවයක් තියෙන උත්තම ගණයේ මහා දේශපාලනඥයෙක් බවයි.

”2022 වසරේ මේ රට ලෑල්ලටම වැටුණා. ඒකෙන් රට ගොඩගන්න එතුමා අගමැති ධුරය භාර අරගෙන රට ගොඩ ගත්තා. එහෙම වැටිලා තිබ්බ රටක් ගොඩ ගත්තට පස්සේ මටත් පුළුවන්කම තිබුණා මෙහෙම නම් කරන්න කියලා කාටත් කියන්න පුළුවන්. වර්තමාන අපේක්ෂකයෝ බොරු කන්දරාවක් වගුරවමින් ජනාධිපතිතුමාට පහර ගහනවා. පහර ගහන්නෙම ඵල තියෙන රුකටයි. ඵල නැති වෘක්ෂයකට ගල් ගහලා පහර ගහලා වැඩක් නෑ. ඒකෙන්ම පැහැදිලිව පේනවා මේ රට භාරගන්න ඉන්න සුදුසුම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව, ඒ වගේම දැන් වේදිකාවල කතානායකලාට රට දුන්නොත් අනේ මේ රටට දෙවියන්ගෙම පිහිටයි කියලා හිතෙනවා” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...