රනිල්ට සහාය දෙන්න පැන්න පොහොට්ටු සෙට් එකේ හනිමූන් ඉවරයි. කචල් ඇරඹේ !

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න ගිය පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ සෑහෙන පිරිසක් දැනටමත් කළකිරීමෙන් ලු.

ඒ, ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ සංවිධාන කටයුතුවලට අදාළ වැඩවලට ඒගොල්ලන්ව සහභාගී කරගන්නෙ නැති නිසා ලු. ඒ වැඩ ඔක්කොම කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අයගේ මූලිකත්වයෙන් ලු. පොහොට්ටු සෙට් එකෙන් තරුණ කට්ටිය කීපදෙනෙක් විතරක් ඒ වැඩවලට සෙට් කරගන්නවා ලු.

ඉතින් වැඩකට සෙට් කරගන්නෙත් නැති නිසා අනිත් කට්ටිය ඔය බත්තරමුල්ල පැත්තෙ තියෙන ප්‍රසිද්ධ හෝටලයකට වෙලා ඔහේ ඉන්න එක තමයි ලු වැඩිහරියක් කරන්නෙ.

ප්‍රචාරණ කටයුතුවලට බරටම නෝට්ටු මිටි ලැබෙයි කියලා හිතාන හිටියාට තවම ඒවා ලැබෙන පාටකුත් නැතිලු. සමහරුන්ට මෙතෙක් කරපු වියදම්වත් ලැබිලා නැති බවක් තමයි කියන්නේ.

ජනාධිපතිවරණයේ මෙහෙයුම් වැඩ කෙරෙන්නේ කොහොමද, ඒකට තමුන් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මෙලෝ දෙයක් ගැන මෙයාලාට කිසිම අදහසක් තවමත් නැති ලු.

ඔය කළකිරීම දැන් එක්කෙනා දෙන්නා එක්ක වලිදාගන්න මට්ටමටම ඇවිත් ලු. කචල් කීපයක් ගියා කියලාත් ආරංචියි.

වැඩිවිස්තර ඉදිරියේදී ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...