ශිෂ්‍ය විරෝධතා හේතුවෙන් බංග්ලාදේශයේ අගවිනිසුරු ඉල්ලා අස්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ශික් හසීනාට පක්ෂපාතී ලෙස සැලකෙන ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ඔබයිදුල් හසන්ට ඩකා අගනුවර උසාවියෙන් පිටත රැස්ව සිටි විරෝධතාකරුවන් ඉල්ලා අස්වන ලෙස කරන ලද නිවේදනයකට අනුව සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

පසුගියදා ඔබයිදුල් හසන් අභියාචනා අංශයේ විනිසුරුවරුන් සමඟ රැස්වීමක් පවත්වන බවට වාර්තා වීමෙන් අනතුරුව එය අධිකරණ කුමන්ත්‍රණයක් ලෙස සලකු ශිෂ්‍ය විරෝධතාකරුවන් ඔහුට වහාම ඉල්ලා අස්වන ලෙස උසාවිය ඉදිරිපිට උද්ගෝෂණය කරන්නට විය.

ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බව විරෝධතාකරුවන් විශ්වාස කරන අතර ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු හසන්ගේ ඉල්ලා අස්වීමේ තීරණය සනාථ කරන විධිමත් ලිපියක් ඔවුන් අපේක්ෂා කරන බව කියවේ.

මිට අමතරව ශික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඉන්දියාවට පලා යාමෙන් අනතුරුව ඇය යටතේ බංග්ලාදේශයේ ඉහලම පත්වීම් ලබා සිටි ජාතික පොලිස් ප්‍රධානියා සහ මහ බැංකු අධිපති ඇතුළු කිහිප දෙනෙකුටද සිය තනතුරු වලින් ඉවත් වීමට සිදුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...