හැට පැන්නට හොට බිම නොවැදුණු මිනිස්සු

Date:

වයස කියන්නෙ ඉලක්කමක් මිස හැකියාවට බාධාවක් නොවන බව කියන සිඳුවිම් දෙකක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලෟය ක්‍රීඩා උළෙලෙදි වාර්තා වුණා.ඒ අවස්ථාවන් දෙකටම සම්බන්ධ වුණේ ස්කොට්ලන්ත ජාතික කාන්තාවක් සහ පිරිමියෙක්.පොදු රාජ්‍ය මණ්ඩල ඉතිහාසයේ වයස්ගතම රන් පදක්කම්ලාභින් වෙන්නට මේ දෙන්නට හැකි වුණා.


පිරිමි ලෝව්න් බෝල්ස් පැරා මිශ්‍ර යුගල තරගයේදී සිව් දෙනෙක්ගෙන් යුත් ස්කොට්ලන්ත කණ්ඩායමට ජෝර්ජ් මිලර් සමඟ ඇතුළත් වුයේ මෙලනි ඉනන්ස්,රොබට් බාර් සහ සාරා ජේන් යන තිදෙනායි.ඒ දෙදෙනාගෙන් මෙලනිට වයස අවුරුදු 58 ක්.රොබරට්ට අවුරුදු 61 ක්.ලාබාලම සාරා ට 36 ක්.නමුත් ඔබට මෙලනි ගැන සහ රොබර්ට් ගැන වයසයි කියා හිතෙනවනම්, ඒක වයසක්ද කියලා හිතෙන්නෙ ඔවුන් එක්ක රන් පදක්කම ගත්ත ජෝර්ජ් මිලර්ට වයස අවුරුදු 75 ත් ඉක්මවා තිබුණ නිසයි.1946 නොවැම්බර් 3 ඉපදී ඇති මිලර් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ රන් පදක්කමක් ලද වැඩිමහල්ම පුද්ගලයා හැටියට ඉතිහාසයට එකතු වෙමින් ඒ විශිෂ්ඨ වාර්තාවට එංගලන්තයේ බර්ම්නිග්හැම් නුවරත් එකතු කරන්නට සමත් වුණා.
ඒ වගෙම කාන්තා ලෝව්න් බෝල්ස් පැරා යුගල තරගයේදී ස්කොට්ලන්තයට එම සූරතාවය ගෙනත් දෙන කාන්තා යුගලය වුණේ රෝස්මරී ලෙන්ටන් සහ පවුලින් විල්සන් යන දෙදෙනායි.ඒ අතරින් රෝස්මරි ට අවුරුදු 72 ක් වෙනවා.පවුලින්ටත් සෑහෙන්න වයසයි.අවුරුදු 58 ක්.නමුත් වයස ඔවුන්ට ජයග්‍රහණය සඳහා අදාළ නොවුණ අතර රෝස්මරී පොදු රාජ්‍ය මණ්ඩලීය තරග ඉතිහාසයේ කාන්තා අංශයේ රන් පදක්කමක් දිනපු වයස්ගතම කාන්තාව හැටියට ඉතිහාසයට එක් වුණා.ඒ වගෙම ඇය මෙවර තරගාවලිය නියෝජනය කරපු නිසා බරම්න්ග්හැම් උළෙලත් රෝස්මරීගේ වයසත් එක්ක හැම වෙලේම කියවෙන්න නියමිතයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...