බන්ධනාගාරේ ප්‍රශ්නෙටත් වැරදි අපි.කොච්චර චෝදනා කළත් අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා – නාමල්

කොළඹ LNW:අද වෙනතුරු බන්ධනාගාරයකට හෝ නොගෙස් බන්ධනාගාර ප්‍රශ්නවලටත් විපක්ෂයට චෝදනා කළද ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින නතර නොකරන බව ශ්‍රී ලංකා පොදුජන ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේය.

”සාමාන්‍ය දැනීම පාවිච්චි කරලා බන්ධනාගාරයේ ප්‍රශ්නය විසඳාගන්න බැරි නම් අනේ ඇමතිවරයාට කියන්නකෝ ගිහින් බන්ධනාගරය ඇතුලේ බලන්න. එක බන්ධනාගාරයකටවත් ඇමතිවරයා ගිහින් නැහැ. පාර්ලිමේන්තුවේදී කියන්න එපැයි මම ගියා මෙහෙම වුණා අපි මේ වැඩේ කරනවා කියල. ඇමතිතුමා ගිහින් සාකච්ජා කරන්නෝ රැඳවියෝ එක්ක. අහන්නකො මොනවද තියෙන ප්‍රශ්න. අඩුම ගානේ බන්ධනාගාරයට යන්න බය නම් දෙමව්පියෝ හම්බෙන්නකෝ. අම්මේ තාත්තේ මොකක්ද ප්‍රශ්නේ දරුවන්ගේ කියල. අපි කොහොමද මේකට මැදිහත් වෙන්නේ. අද කරන්න තිබුණ දෙයක් නෙවෙයි ඇමතිකම ගත්තු වෙලාවේ කරන්න තිබුණ දෙයක්. ඇමතිකම ගත්තු දවසේ ඉදන් අද වෙනකන් බන්ධනාගාරයක් පැත්ත පළාතේ යන්නේ නැතුව කෙඳිරි ගානවා. විපක්ෂෙට බනිනවා. විපක්ෂයට චෝදනා කරනවා. ඔබතුමන්ලා අපිට කොච්චර චෝදනා කළත් අපිට කොච්චර බැන්නත් මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට පෙනී හිටින එක නවත්වන්නෙ නෑ අපි. අපි ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...