රෂිකා හෙන්නායක අගෝස්තු 10, කොළඹ LNW :
පුත්තලම, මුල්ලිපුරම් ප්‍රදේශයේදී විදේශීය සිගරට් 7,000ක් සමඟ 49 හැවිරිදි පුද්ගලයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයඹ නාවික විධානයට අයත් ‘SLNS තාම්බපන්නි’ නෞකාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.
එම තොරතුරු මත පදනම්ව, ‘SLNS විජය’ නෞකාවේ නාවික හමුදා සාමාජිකයින් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව මුල්ලිපුරම් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී, නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ බවට සැක කෙරෙන මෙම විදේශීය සිගරට් තොගය සොයා ගන්නා ලදී.
නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු, වැඩිදුර නීතිමය කටයුතු සඳහා එම සිගරට් තොගය සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.


