ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස හිටපු රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ පත්කර තිබේ.
ඊයේ (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.
රජයේ ප්‍රධාන ආදායම් උපයන ආයතන තුන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන වල ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කටයුතු ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශ මගින් සිදු කෙර්.
මෙම කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස පත් කෙරුණු, හිටපු රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ වසර 37 ක කාලයක් ශ්‍රී ලංකා රේගුවේ විවිධ තනතුරුවල සේවය කල නිළධාරියෙකි. ඔහු ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කලක් කටයුතු කළේය.


