“ශ්‍රී ලංකාවේ බිම්බොම්බ ඉවත් කිරීමේ වැඩසටහන අතිසාර්ථකයි : “සම්මානනීය හොලිවුඩ් නිළි Rosamund Pike..

රෂිකා හෙන්නායක අගෝස්තු 10 , කොළඹ LNW :

ලෝකප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් (Rosamund Pike) මහත්මිය අද දින (අගෝ. 10)
නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ‍ මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.

බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශ ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී පැවති මෙම හමුවේ දී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රගතිය පිළිබඳ රෝසමන්ඩ් මහත්මිය විමසූ අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන මෙම කාර්යභාරය පිළිබඳව සිය ප්‍රසාදයද පළ කළාය.

දැනට ලංකාවේ බිම්බෝම්බ සහිතව තිබූ ප්‍රදේශවලින් 90%ක්ම සාර්ථකව නිදහස් කර අවසන්ය.
ඉතිරිව ඇති වර්ග කිලෝමීටර 20.8ක භූමි ප්‍රමාණය ඉතාම සංකීර්ණ කටුක ප්‍රදේශ වන අතර ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බිම්බෝම්බවලින් තොර රටක් බවට ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ විශේෂ පුහුණුවලත් සෙබළුන් 500 දෙනෙකු මේ සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති අතර, අනෙකුත් අංශ හැරුණුවිට යුද හමුදා නිලධාරීන් පමණක් වසරකට වර්ග කිලෝමීටර 1.5ක් නිදහස් කිරීම ඔවුන්ගේ ඉලක්කයයි.

මේ සඳහා රජය විසින් වෙන්කරන මුදල් ප්‍රමාණය පසු ගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් වැඩි කර ඇත.

මෙය හුදෙක් බිම්බෝම්බ ඉවත් කිරීමක් පමණක් නොව, උතුර සහ නැගෙනහිර සංවර්ධනය කරමින්, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව අතර විශ්වාසය ගොඩනගන උතුම් ජාතික මෙහෙයුමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...