කොළඹ LNW:ප්‍රවීණ නිර්මාණවේදී ධර්මසේන පතිරාජයන්ගේ අහස් ගව්ව,බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ යන සිනමා නිර්මාණයන් තිර රචනා ලෙස එළිදැක්වීම ඊයේ (09) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විය.
එහිදී ප්‍රධාන දෙසුම් අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් සිදුකරන ලද අතර සංවිධානය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,රාජ්‍ය චිත්‍රපටි සංස්ථාව,චාපා යුනිවර්සිටි ප්‍රෙස් සහ ධර්මසේන පතිරාජ පදනම ඒකාබද්ධව සිදුකර තිබේ.
මෙම අවස්ථාවට ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවආරච්චි, ප්‍රවීන රංගනවේදිනි මැණික් කුරුකුලසූරිය අහස ගව්ව නිෂ්පාදක මිත්‍රරත්න හේරත් ඇතුළු සිනමා සහෘදයන් රැසක් එක්විය.
ජායාරූප – හිරුෂිකා අමරසිංහ



















