ණය ප්‍රතිව්‍යුහගතකරණය : EPF ගැන වසන්තගේ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කෙරේ

Date:

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩසටහනේදී බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල සිදුකර ඇති සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලේ ආයෝජන සඳහා වන පොලිය අඩුකිරීමට ගෙන ඇති තීරණය වළක්වන ලෙස ඉල්ලමින් අන්තර් සේවක සමාගම් සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09) තීන්දු කර තිබේ.

එස්.තුරේරාජා, මහින්ද සමයවර්ධන සහ කුමුදුනී වික්‍රමසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිනි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මූලික විරෝධතා ගොනු කරමින් කියා සිටියේ පෙත්සම්කාර සංගමය සමාගම් පනත යටතේ සංස්ථාපිත කර ඇති නාමය වෙනුවට වෙනත් නාමයකින් පෙත්සම ඉදිරිපත් කර ඇති බැවින් අධිකරණය හමුවේ නෛතික පුද්ගලයෙක් වශයෙන් පිළිගත නොහැකි බවයි. ඊට අමතරව මෙම පෙත්සමෙහි සත්‍ය කරුණු යටපත් කර ඇති බවත් මෙම සිද්ධිය දැනට පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වන කරුණක් වන අතර මෙම විෂය රාජ්‍ය මූල්‍යයට අයත් පාර්ලිමේන්තුවට පූර්ණ බලයක් සහිත විෂයක් බැවින් ඊට මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත් සඳහන් කළ ඇය මෙම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

පෙත්සම්කාර අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නයිජල් හැජ් මහතා කියා සිටියේ මෙම තීරණය හේතුවෙන් මිලියන ගණනක් වන අර්ථ සාධක අරමුදල් සාමාජිකයන් සිය ජීවිත කාලය පුරා එකතු කර ගත් මුදල් අහිමි වීමේ අවදානමක් ඇති බවත් ඒ අනුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වශයෙන් සහ මහජන භාර මූලධර්මය අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්ය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...