අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය නිදොස්කොට නිදහස් !

Date:

දුරකථන සංවාදයකට අදාළ හඬපටයක් හේතුවෙන් වැඩතහනමට ලක්ව සිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය එම චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිසම තීරණය කර තිබේ.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ ඩිල්රුක්ෂි මහත්මිය අතර සිදුවුණු දුරකථන සංවාදයක හඬපටයක් 2019 වසරේදී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වූ අතර ඒ හේතුවෙන් 2019 සැප්තැම්බර් 24 වනදා සිට ඇයව තාවකාලිකව වැඩතහනමට ලක්කරන ලදී.

ඒ වනවිට ඒ මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරේ සේවය කළාය.

කෙසේවෙතත් එම හඬපටය සංස්කරණය කරන ලද්දක් බවට මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මීට පෙර නිකුත් කර ඇති වාර්තා සලකා බලා ඇයව අදාළ චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කිරීමටයි රාජ්‍ය සේවා කොමිසම තීරණය කර ඇත්තේ.

මේ වනවිට ඒ මහත්මිය විශ්‍රාම ගෙන සිටින අතර රාජ්‍ය සේවා කොමිසමේ මෙම තීරණයත් සමග ඇයට හිමි වියයුතු හිඟ වැටුප් සහ වරප්‍රසාද ඉදිරියේදී හිමිවනු ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...