ඉක්වදෝර ජනාධිපති අපේක්ෂක විලිවිසෙන්සියෝ වෙඩිතබා ඝාතනය කරයි !

Date:

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝ ක්විටෝ අගනුවර පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකට පසුව එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝ අගෝස්තු 20 ට නියමිත මැතිවරණයට ඉදිරිපත් වීමට ලියාපදිංචි වූ ජනාධිපති අපේක්ෂකයන් අට දෙනාගෙන් කෙනෙකු වන අතර වෘත්තීයෙන් හිටපු නීති සම්පාදකයෙක්, රාජ්‍ය තෙල් සමාගමක් වන Petroecuador හි වෘත්තීය සමිති සාමාජිකයෙක් සහ පසුව මිලියන ගණනක තෙල් කොන්ත්‍රාත්තු පාඩුව හෙලා දුටු මාධ්‍යවේදියෙකු විය. එමෙන්ම ඔහු හිටපු ජනාධිපති Rafael Correa ගේ දැඩි විවේචකයෙකු ද විය.

ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රචාරක උපදේශක Patricio Zuquilanda මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝහට මරණ තර්ජන එල්ල වී තිබුණු බවත්, එය බලධාරීන්ට වාර්තා කළ බවත්ය.

එමෙන්ම සමාජයේ කිසිම සාමාජිකයෙකුගේ මරණයට දේශපාලනය හේතු නොවිය යුතු බව ප්‍රකාශ කරමින් ඔහු ජාත්‍යන්තර බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

සශිකලා මධුෂාණී_Outboundtoday

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...