අපහාසයට එරෙහිව රතු කුරුසය නඩු මඟට!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අවසාන වරට පැවැති නිලවරණයේදී තනතුරු අහිමි වූ පිරිසක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ගෞරව නාමයට හානි කරමින් මාධ්‍යයන් ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට එරෙහිව අධිකරණයට යාමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය තීරණය කර තිබේ.

පසුගියදා (07) රැස් වූ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ප්‍රකාශක නවීන්ද්‍ර සේනාරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ හිටපු මධ්‍යම පාලක මණ්ඩල සාමාජික සුනිල් දිසානායකට එරෙහිව මේ වන විටත් නිතිමය කටයුතු ආරම්භ කර ඇත.

හිටපු ජාතික ලේකම් වූ සෙල්ලහැන්නදිගේ නිමල් කුමාර්ට හා හිටපු මුදල් කොමිසමේ සභාපති පියුම් ප්‍රසන්න දසනායකට එරෙහිව , ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කිර්තිනාමයට හානි සිදුකිරිම, වැරදි තොරතුරැ සමාජගත කිරිම හා සිදුකර ඇති තවත් වැරදි සම්බන්ධයෙන් නීතිමය කටයුතු හැකි ඉක්මණින් ආරම්භ කිරිමටයි මධ්‍යම පාලක මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...