ඇමති බන්දුලගෙන් ඉන්දීය ආයෝජක කණ්ඩායමකට ඇරයුමක්!

Date:

කොළඹ LNW:විශේෂයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල ආයෝජනයට එක්වන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දීය ආයෝජකයින් පිරිසකට ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සංචාරයක නිරත ඉන්දියාවේ ජාර්කන්ද් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (FJCCI) නියෝජිත පිරිසක් සමඟ සිදුකළ සාකච්ජාවේදී යි මාත්‍යවරයා මේ බව දැන්වා ඇත්තේ.

එම සාකච්ජාවේදී ශ්‍රී ලංකාව සහ ජාර්කන්ද් අතර පවතින වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇත.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නව ආයෝජන සංකල්පයන් පිළබඳව ඉන්දීය නියෝජිතයින් දැනුවත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කර තිබෙන අතර විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල ආයෝජන අවස්ථාවන් සඳහා මේ වන විට අවස්ථාව උදා කර දී තිබෙන බවයි දන්වා ඇත්තේ.

එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය සහ අනෙකුත් ආයතන ඩිජිටල්කරණය සහ විද්‍යුත්කරණය සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිලිවෙල සඳහා ද ඉන්දීයාව තුළ ක්‍රියාත්මක කෙරෙන පරිසර හිතකාමී ආයෝජන සංකල්පයන්හි අත්දැකීම් හුවමාරු කර ගැනීම පිළිබඳ දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගෙන ඇත.

ජාර්කන්ද් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති කිෂොර් මන්ත්‍රී මහතා ඇතුලු එහි ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන ව්‍යවසායකයින් ඇතුලු නියෝජිතයින් 25ක පමණ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...