*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණයකට අප සූදානම් – මහාචාර්ය රංජිත් බණ්ඩාර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තම පක්ෂය මේ මොහෝතේ මුළුමනින්ම මෙහෙයවනු ලබන්නේ මැතිවරණයක් දිනා ගැනීම වෙනුවෙන් බවත් අප මැතිවරණ ජනමතය විශ්වාස කරනු ලබන පක්ෂයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2023.08.10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා,

“ අද මේ රටේ අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන්, ඒ වගේම මතවාදයම වශයෙන් සහ දේශපාලන භාවිතයෙන් ඉතාම ඉහළ ජන ආකර්ශනයක් තිබෙන දේශපාලන පක්ෂයක යාවජීව සාමාජිකයෙක් විදිහට පෙරට වඩා ගෞරවයක්, ආඩම්බරයක් අපිට තිබෙනවා. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට පෙරට වඩා ශක්තිමත්. බොහෝ පිරිස් කිව්වා පොහොට්ටුව ඉවරයි කියලා. හැබැයි මේ හැමෝටම අමතකයි අපි ඉතා කෙටිකාලයක් තුළ රටපුරා අපේ සළකුණ තියලා හමාරයි. අපිට දීපව්‍යාප්ත සංවිධාන ජාලයක් තිබෙනවා.

අපි පහුගිය සති හයක කාලසීමාව තුළ දිවයිනපුරා අපේ බලමණ්ඩල කැදෙව්වා. අපි බස් දාලා මිනිස්සු ඇද්දුවේ නැහැ. එකම වේදිකාව තැනින් තැන ගෙනිච්චෙත් නැහැ. ස්වභාවිකවම පාක්ෂිකයෝ අපේ මේ වැඩපිළිවෙලට ආකර්ශනය කරගැනීමේ අවස්ථාව අපිට ලැබුණා. ඒ වගේම රට සමස්ථයක් ලෙස ආරක්ෂා කරලා දිපූ නායකත්ව උරුමය තිබෙන්නෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණයි. අපේ පක්ෂයේ කිසිදු නායකයෙකුගේ අත්වල ලේ ගැවිලා නැහැ. කාටවත් කියන්න බැහැ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන ඝාතනවලට සම්බන්ධයි කියලා.

අරගලවලට සම්බන්ධයි කියලා, ජනයා කැලඹීමට සම්බන්ධයි කියලා කියන්න බැහැ. මහත්මා ගාන්ධිතුමා විශ්වාස කළ ආකාරයට අපේ අවිය අවිහිංසාව. හැබැයි මේ දේශපාලනයේ ගැඹුර සහ දිග, පළල දන්නේ නැති සමහර පිරිස් ඔවුන් ජාතික නායකයෝ කියලා හිතනවා. හැබැයි තවත් සමහර අය හිතනවා ඔවුන්ට තිබෙන්නේ වෙනම ලකුණක් කියලා. එහෙම ලකුණු හදාගත්ත පිරිස් අද හුදකලා වෙලා. මේ තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සලකුණ. අපි කිසිවෙකු සමඟ ගැටුමකට යන්නේ නැහැ. අර්බුද කරලා හරි පුද්ගල අවශ්‍යතාවයන්ට හරි දේශපාලන පක්ෂ  ගොඩනගන්න බැහැ. හැබැයි අපි සතුටුයි රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ රටේ මහජනතාව පිළිඅරගෙන හමාරයි.

අපි අවුරුදු  05 ක 06 දේශපාලන ඉතිහාසයක් තිබෙන පක්ෂයක්. මේ රටේ තිබෙන සියලුම දේශපාලන පක්ෂවලට වඩා තරුණ දේශපාලන පක්ෂයක්. හැබැයි අපේ දේශපාලන මතය මහජනතාව අතරට අරගෙන ගිහින් හමාරයි. 2015 ජනාධිපතිවරණය පරාජය වීමත් එක්ක ඒ පරිච්ඡේදය අවසානයි කියලා හිතුවා. හැබැයි සති දෙකක් යන කොට දස දහස් ගණනින් මේ රටේ මහජනයා තංගල්ල කාල්ටන් නිවසට යන්න පටන් ගත්තා. මේ තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භය.

ඒ නිසා අරගලයට පස්සේ තව පිරිසක් කල්පනා කළා ආය නම් ඉඩක් නැහැ කියලා. හැබැයි 2015 ජනාධිපතිවරණයේ පරාජයටත් වඩා වැඩි වේගයකින්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මතවාදය ජනතාව අතරට ගිහිල්ලා. අද පෙහොට්ටුව ජාතික ලකුණ වෙලා. ඒ නිසා ඉදිරියට එන ඕනෑම මැතිවරණයකට අපි මුහුණ දෙන්නේ පොහොට්ටුව ලකුණින්. පොහොට්ටුවෙන් නැතිව ඕනෑම එකකින් කිව්ව පිරිස පොහොට්ටුවෙන් නාම යෝජනා බලාපොරොත්තු වෙනවා. එසේ කල්ලි කණ්ඩායම් හදාගෙන ගිය බොහෝ පිරිස් පොහොට්ටුව ලකුණින් තමයි පාර්ලිමේන්තුවට ගියේ. හිටපු ජනාධිපතිවරු පවා පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා ගත්තේ. මේක තමයි පොහොට්ටුවේ ප්‍රබලත්වය. මේ ලකුණ තුළ තිබෙන්නේ පුද්ගලාබද්ධ මතවාදයක් නොවේ. මේ තුළ තිබෙන්නේ මේ රටේ හැබැ අයිතිකාරයන්ගේ නියෝජනයක්. ඒ නිසා අපි මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපේ පක්ෂ යාන්ත්‍රණය මුළුමනින්ම මෙහෙයවන්නේ මැතිවරණයක් දිනාගැනීම වෙනුවෙනි. අපි හැමදාම මැතිවරණ ජනමතය පිළිබඳ විශ්වාස කරපු පක්ෂයක්. ඒ නිසා පළාත් පාලන මැතිවරණයක්, පළාත් සභා මැතිවරණයක් , මහා මැතිවරණයක් හෝ ඊට එහා ගිය ජනාධිපතිවරණයකට අපි සූදානම්, ඕනෑම මැතිවරණයකට පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත් වෙන්න. හේතුව ජනතා පරමාධිත්‍ය තිබෙන්නේ එතන”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan