දුක්බර ලයින් කාමරවල ජීවත වලට ජනපතිගෙන් පොරොන්දුවක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ (LNW):

ඉතිහාසයේ පළමු වතාවට ලයින් කාමරවල ජීවත් වන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ, කදුකරයේ දෙමළ ජනතාවට සමාජ සාධාරණත්වය ඉටු කිරීම තම අරමුණ බවයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් සමග සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

නුවරඑළිය ව්‍යාපාරික ප්‍රජාව මුහුණදී ඇති ගැටලු පිළිබදව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණි.

ආර්ථික අර්බුදයෙන් මුදා ගනිමින් රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළට පූර්ණ සහාය පළකරන බව නුවරඑළිය දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් විද්වත් වෘත්තිකයින් අතර හමුවක් නුවරඑළියේ දී පැවැත්වුණි.

ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙනයාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළ ආපස්සට හැරවීමට ඉඩ නොදෙන බව විද්වත් වෘත්තිකයින් මෙහිදී අවධාරණය කළේය.

විදුහල්පතිවරුන් ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෘත්තිකයින්ගේ ගැටලු ද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...