හොරු ඇල්ලීමේ නොදකින පැත්ත!

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW:මේ ආණ්ඩුව කරන වැඩවලින් සෑහෙන පමණ සාර්ථකත්වයක් ලබා ඇති කර්තව්‍යය නම් හොරු ඇල්ලීමය. ඒ කියන්නෙ පසුගිය කාලය පුරාවට රාජ්‍යයේ සිදු වූ දුෂණ, වංචා හා නොයෙකුත් අකටයුතු කම් පිළිබඳව පරීක්ෂණ පවත්වා අදාළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒමය. මෙය මෙතෙක් බලයට පත්වූ කිසිම ආණ්ඩුවකින් නොකෙරුණ කාර්යයකි. අතීතය පුරාවට සිදුවූයේ විපක්ෂයේ සිටියදී බලයේ සිටින ආණ්ඩුව ට දූෂණ හා වංචා පිළිබඳව විවිධ චෝදනා කරන අතර බලයට පත්වූපසු හාන්කවිසියක්වත් නොදන්න වුන් සේ කල්ගෙවීමය. නැත්නම් කොමිසමක් පත්කර කල් මැරීමය. එසේ කිරීමට හේතුව තමන්ගේ බලය ගිලිහී ගිය පසුව අලුතින් බලයට පත්වන ආණ්ඩුව ද එසේ කරනු ඇතැයි යන පූර්ව නිගමනය නිසාය. මේ ආකාරයේ බෙදා ගෙන කෑමකි දිගු කාලීනව සිදුවෙමින් පැවතියේ. ප්‍රභූ පැලැන්තියෙන් සාමාන්‍ය පන්තියේ ( නිර් ප්‍රභූ ) පිරිසකට බලය යන තෙක් මෙම පිළිවෙත අඛණ්ඩව පැවතියේය. මෙම ක්‍රමය පැරණි උඩරට සිරිතක් වූ එක ගෙයි කෑමට සුළු සමාන කමක් දක්වයි.

කෙසේ වුවත් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසු ඔවුන් ඡන්දයට පෙර කී පරිද්දෙන්ම කලින් බලයේ සිටි අය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ අතර ඉන් සෑහෙන ප්‍රතිථලද අත්වෙමින් පවතී. ගිය ආණ්ඩු කාලවල බලයේ සිටි සෑහෙන පිරිසක් දැනට මත් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් බලවත් පුද්ගලයන් රාශියක් ගැන පරීක්ෂණ සිදුවෙමින් පවතී. මෙය ඉතා හොඳ ප්‍රවණතාවකි.

නමුත් එතරම් කතා බහට ලක්නොවන තවත් කරුණක් පවතී. එනම් මේ පවරන නඩු අවසානයක් කරා යෑමට කෙතරම් කාලයක් ගතවේද, එම කාලය සිදුවිය හැකි දේශපාලන වෙනස් කම් මොනවාද ? යන්න ය. කාලය පිළිබඳ ප්‍රශ්නය ඒ ඒ නඩුකර යන්ට සාපේක්ෂය. කෙසේ වුවත් වසර කිහිපයක් නඩුවක් ඇද ගෙන යෑම විත්ති පාර්ශවයකට එතරම් ප්‍රශ්නයක් නොවන බවයි මගේ මතය. ඇපැල් ගැනීම කල් ඉල්ලීම වැනි විවිධ ක්‍රම මගින් මෙම කල්මැරීම නඩත්තු කළ හැක.

මෙය විත්ති පාර්ශවයේ අයිතියකි එයට එරෙහි වීමට කිසිවකුට බැරිය. එමෙන්ම පෙරකදෝරු ගැට මඟින් මෙම තත්ත්වය තවත් දිග දුර ඇදගෙන යා හැකිය. බොහෝ විට සැකකරුවකු රිමාන්ඩ් කළ පසු නඩුවාර කිහිපයකදී ඔහුට හෝ ඇයට ඇප ලැබෙනු නියති.

මෙහි නෛතික විග්‍රහය ඇපදීම රීතියකි රිමාන්ඩ් කිරීම ව්‍යාතිරේකයකි යන්නය. එහෙත් බොහෝ මහේස්ත්‍රාත් උසාවිවලදී සිදුවන්නේ මෙහි අනික් පැත්තය. එසේ සිදුවන්නේ ඇයිද යන්න වෙනම කතා කළ යුතු මාතෘකාවකි.

කෙසේ වුවත් මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටකී. පවත්වා ගෙන යා යුත්තේ ඊට අනුකූල අධිකරණ ක්‍රමයකි. එම නිසා මෙම පවත්නා ක්‍රමය ගැන ගැටලුවක් නැත . පවත්නා එකම ප්‍රශ්නය අධිකරණ පද්ධතිය තුළ පවත්නා තද බදයය. මෙම තත්ත්වය රටට පිළිලයක් වන තරමටම ඔඩු දුවා තිබේ. මීට කළ යුතු ප්‍රතිකර්මය අධිකරණ පද්ධතිය පුළුල් කිරීමය. විශේෂ අධිකරණ පිහිටුවීම වැනි සාධනීය ක්‍රියා මාර්ග ඔස්සේ මෙන්ම අධිකරණ කේෂ්ත්‍රයට නවකයන් බඳවා ගැනීම තුලින්ද මෙම තත්ත්වය සමහන් කළ හැකිය.

එසේ නොවුණ හොත් ඉදිරියේ සිදුවිය හැකි අනර්ථය අතිශය බිහිසුණු විය හැක. අපේ රටේ ආණ්ඩු වෙනස් වීම කජු කෑම වැනිම පහසු කාර්යයකි. වි⁣⁣⁣ශේෂයෙන්ම ආණ්ඩුවක පාලන කාලය අවසාන වීමත් සමග දේශපාලන පරිසරය වෙනස් වීම සාමාන්‍ය කරුණකි. ආණ්ඩුවක් පෙරලුනොත් ඒ ආණ්ඩුව කළ කී දේ උඩු යටි කුරු වනුයේ අධි වේගයෙනි. නීති පද්ධතිය තුළද වංගු ගැසීම ස්වභාවික ව සිදුවන්නකි.

මා කියන්නේ වර්තමාන ආණ්ඩුව අල්ලන හොරුන් පිළිබඳව සිදුවිය හැකි අනර්ථය මෙයයි. නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය ඇතුළු අධිකරණ පද්ධතියට සම්බන්ධ ආයතන පුළුල් කර නඩු කටයුුතු ඉක්මන් නොකළොත් අනාගතයේ දැන් ගන්නා මෙම සියලු උත්සාහයන් දියවී යෑමේ ඉඩක් පවතී. එමෙන්ම එම තත්ත්වය මාලිමාවට බිහිසුණු පාරා වලල්ලක් වීමට ඉඩ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම කල්යයි!

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර...

අමෙරිකාව බලා පිටත්ව යාමට සැරසෙන ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ලබන සැප්තැම්බර් 24 වැනිදා...

ස්වාභාවික ලෝකයේ මායාව විදහා දක්වන ග්ලෙන් නොයර් ගේ කුරුළු රූපකරණය!

සටහන – පුලී අගෝස්තු 11, කොළඹ (LNW): විශ්මය ජනක අන්දමේ කුරුළු...

කොළ පාටට තව දුරටත් කොළ එළිය

නිශ්මං රණසිංහ අගෝස්තු 11, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රීකට් සංවිධානය කරන...