“මැදපෙරදිග ප්‍රචණ්ඩත්වයේ චක්‍රය බිඳ දැමීමට සහ ගාසා තීරයේ ගැටුම්, දුක් වේදනා සහ සාගතය අවසන් කිරීමට මානව වර්ගයාගේ හොඳම බලාපොරොත්තුව ද්වි-රාජ්‍ය විසඳුමක්”- Anthony Albanese

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඕස්ට්‍රේලියාව පලස්තීන රාජ්‍යය පිළිගැනීමට යන අතර, නවසීලන්තය ද අනුගමනය කළ හැකි බව විදෙස් මධ්‍ය් වාර්තා කරයි. සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාව පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් නිවේදනය කර තිබේ.

අගමැති ඇල්බනීස් පැවසුවේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UNGA) නිව්යෝර්ක් නුවරදී රැස්වන විට තම රජය මෙම පියවර නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.

“මැදපෙරදිග ප්‍රචණ්ඩත්වයේ චක්‍රය බිඳ දැමීමට සහ ගාසා තීරයේ ගැටුම්, දුක් වේදනා සහ සාගතය අවසන් කිරීමට මානව වර්ගයාගේ හොඳම බලාපොරොත්තුව ද්වි-රාජ්‍ය විසඳුමක්” යැයි කැන්බරා හි පැවති මාධ්‍ය හමුවකදී ඇල්බනීස් පැවසීය.

කැනඩාව, ප්‍රංශය සහ එක්සත් රාජධානිය ලබන මාසයේ රැස්වීමේදී පලස්තීනය විධිමත් ලෙස පිළිගැනීමට සූදානම් වෙමින් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල අතිමහත් බහුතරයක් සමඟ එක්වෙමින් ඕස්ට්‍රේලියාවේ නිවේදනය නිකුත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (27) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 27) දිනයේදී උතුර, නැගෙනහිර...

බාල ඖෂධ : ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක්...

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...