ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවක් පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW:

අද (11) පෙරවරුවේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවක් පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි. එහිදී විරෝධතාකරුවන් පැය භාගයක පමණ කාලයක් එම ස්ථානයේ විරොධතාවයේ නිරත වීමෙන් අනතුරුව පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට විරෝධතා පාගමනින් පැමිණි අතර , එහිදී එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අයුරුද දක්නට ලැබුණි.

මෙහිදී විරෝධතාවට එක්වූ විරෝධතාකරුවන් පෙන්වා දෙනුයේ පවතින ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ලබා දුන් පොරාන්දු මේ වන විට කඩ කර ඇති බවය.

විරෝධතාකරුවන් මෙහිදී චෝදනා කළේ, දැනට රැකියා විරහිත උපාධිධාරීන් 35,000කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා සිටින බවත් රජය විසින් එම රැකියා විරහිත උපාධිධාරීන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා රැකියා ලබා දෙන බව මින් පෙර පැවසූ පොරොන්දු මේ වන විඩ කඩ කර ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...