මිචෙල් ස්ට්‍රැක්ගේ පවුලටත් පදක්කමක්

Date:

මිචෙල් ස්ට්‍රැක් ගෙ පවුල කිව්වම අර්ථ දෙකක් එනවා.පවුලක් කියන්නෙ පුළුල් අර්ථයෙන් ගත්තම කාගෙ හෝ පවුලකට සමබන්ධ සියල්ල.ඒක විශාල පිරිස් නියෝජනයක්.ඒ වගෙම අපේ ව්‍යවහාරික භාෂාවෙ බිරිඳටත් පවුල කියලා පාවිච්චි කරනවා.මෙහි “මිචෙල් ස්ට්‍රැක්ගේ පවුලටත් පදක්කමක්” යනුවෙන් සඳහන් කරේ දෙවැනියට ඇති ව්‍යවහාරික භාෂාවෙ එන අර්ථයෙන්.හැබැයි පුළුල් අර්ථයෙන් ගත්තත් මිචෙල් සම්බන්ධ පවුලෙ කතාව හරි.මෙවර පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙලෙ මිචෙල් ස්ට්‍රැක්ගෙ පවුලට සම්බන්ධ දෙන්නෙක්ටම පදක්කම් ලැබෙනවා.
සහෝදරයා බ්‍රෙන්ඩන් ස්ට්‍රැක් උස පැනීම ඉසව්වෙ රිදී පදක්කම්ලාභියා බව LNW මීට පෙර සඳහන් කරා.ඒ වගෙම මිචෙල් ගෙ බිරිඳ නැත්නම් ව්‍යවහාරයෙන් එන විදිහට කිව්වම පවුල ගෙදර ගියේ රන් පදක්කමක් අරගෙන.ඒ කාන්තා ක්‍රිකට් සූරතාවය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින්නිය වන්නේ මිචෙල් ගේ බිරිඳ අයේශා හීලී නිසා.ඇලීෂාත් මිචෙල් මෙන්ම සම්මානනීය ක්‍රිකට් ක්‍රීඩිකාවක්.ඇය 20 – 20 වසරේ ක්‍රීඩිකාව හැටියට 2018 -2019 වසරවල ගෞරවයට පාත්‍ර වෙනවා.ඒ වගේම ඇලීෂාගේ නමට ක්‍රිකට් සම්බන්ධ ගිනස් වාර්තාවකුත් තියෙනවා.ඒ මිටර් 82.5ක් ඉහළ ගිය ක්‍රිකට් පන්දුවක් උඩ පන්දුවක් ලෙස රැක ගැනීමෙන්.ඒ වගෙම ලෝක ප්‍රකට කඩුලු රකින්නෙක් වන ඉයන් හීලිට නෑ කමින් ඇලීෂා ඥාති දියණියක්.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝටර් රථයක් වැනි දෙයක් වෙනුවෙන් රුපියල් බිලියන ගාණක් වියදම් කරන්න තර​ම් මං මෝඩ නෑ – ඩඩ්ලි සිරිසේ​න

මෑතකදී අතිශය කතාමැ​වූ ඩඩ්ලි සිරිසේ​න මහතාගේ ​රෝල්ස් රොයිස් Phantom...

හරිනි ප්‍රමුඛ මාළිමාව යනු ජ.වි.පෙ. නසන ටර්මිනේටර්ලාද ?

ජ.වි.පෙ. යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතව සිටි පක්ෂයකි. (ඒ ප්‍රතිපත්‍ති...

පුදුමාකාර විදියට දුක්වීම ….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...