වතු ප්‍රජාවේ සංවර්ධනය වෙනුවෙන් සජිත් ප්‍රඥප්තියකට අත්සන් තබයි!

Date:

කොළඹ LNW:උඩරට හා පහතරට වතු ප්‍රජාව සමඟ සමාජ ගිවිසුමකටම සමගි ජන බලවේගය ප්‍රවේශ වී තිබේ.

එය එම ප්‍රජාවේ අඩුපාඩු විසදීමේ ඓතිහාසික අවබෝධතාවක් බවයි විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.

මෙම අවබෝධතා ගිවිසුම මැති ඇමතිකම් හෝ සභාපතිකම් හෝ දේශාපලනඥයන්ට ලැබිය යුතු වරප්‍රසාද වෙනුවෙන් සිදු නොවන බවත් මේ සමාජ ගිවිසුම තුළ නිර්මාණය වී ඇත්තේ වතු ප්‍රජාවගේ දේශපාලන,ආර්ථික,සමාජීය,සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ප්‍රජාව සවිබල ගැන්වීම බව ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

උඩරට පහතරට වතු කේන්ද්‍රිය ප්‍රජාවට අලුත් ආරම්භයක් අලුත් ගමනක් හා වසර 200ක මෙරට ඉතිහාසය තුළ නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය වන බවත් රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට වතු ප්‍රජාවට විශේෂ සේවා රැසක් ඉටු කළ කරමින් වතු ප්‍රජාවට පුරවැසි භාවය ලබා දුන්නත් පුරවැසිභාවයත් සමඟ අප රටේ පුරවැසියන්ට ලැබිය යුතු ශක්තිය, වරප්‍රසාද හා අවස්ථා මේ වන තෙක් ලැබී නොමැති බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.

ඒ අනුව තමන් බලයට පැමිණ පැය 48ක් යාමට පෙර වතු ප්‍රජාවේ සංවර්ධනය වෙනුවෙන් කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බවයි ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටින්නේ.

මෙම ප්‍රඥප්තිය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා, පලනි දිගම්බරම් මහතා සහ එම්. උදයකුමාර යනාදී වතු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් තබන ලදී.

මෙරට කොන් වී,වෙන් වී, හුදකලා වී ඇති වතු ජනතාවට දැන් පිළිගැනීමක් ලැබුණු බවත් සමගි ජන බලවේග ආණ්ඩුවකටත් පෙර මෙවැනි පිළිගැනීමක් ලැබීම සතුටට කරුනක් බවත් මෙය වරප්‍රසාද හෝ දේශපාලන වුවමනා වෙනුවෙන් නොව සැබෑම සමාජ ගිවිසුමක් බවත් මේ තුළින් වතු ජනතාවගේ පුරවැසිභාවය සැබෑ ලෙසම සම්පූර්ණ වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...