*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

චම්පිකගේ ස්ථාවරය මෙන්න!

කොළඹ LNW:ව්‍යාජ විප්ලවවාදී යෝජනා පරාජය කර රටේ පවත්නා ස්ථාවරත්වය පවත්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (11) දින පිළියන්දල නගර සභා ශ්‍රවණාගාරයේ පවත්වනු ලැබූ එක්සත් ජනරජ පෙරමුණු පිළියන්දල ජනහමුව අමතමිනි.

එමෙන්ම සෘජුව හෝ වක්‍රව රට බංකොලොත්භාවයට පත් කිරීම වෙනුවෙන් වගකිවයුතු ජනතාව නොමඟ යවපු අපේක්ෂකයෝ ඉන්නවනම් ඒ කිසි අපේක්ෂකයෙකුට ජනතා ඡන්දය පාවිච්චි නොකරන ලෙස දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් බවට මේ ජනාධිපතිවරණය පත්කරගන්නා බවද හෙතෙම සඳහන් කරන ලදී.

”මේ ස්ථාවරත්වය මත පදනම් වෙලා, රටේ ආර්ථික වර්ධනයක් ඇති කරගන්න. ණය ගෙවන්න පුළුවන් ශක්තිය තියෙන රටක් ඇති කරගන්නට, රට ගොඩනැගිය හැකි වැඩපිළිවෙල, දේශය වෙනුවෙන් එක්වන පියවරක් හැටියට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල, ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි මේ ජනාධිපතිවරණය පාවිච්චි කරනවා” යනුවෙනුයි ඔහු සඳහන් කළේ.

”රටේ රාජ්‍ය නායකයාට හොඳ කණ්ඩායමක් ඕනේ. ඒ කණ්ඩායම් අත්හදා බලන්න වෙලාවක් නෑ. සමහරු මේ අලුත් අත්හදා බැලීම් කරනවා. ගෝඨාභය මහත්තයත් අත්හදා බැලුවා. මතකද? ධම්මික පැණිය අත්හදා බලලා තිස්දාහක් වලපල්ලට ඇරියා මතකද? ඒ වගේම ගොවිතැන අත්හදා බලන්න ගිහිල්ලා, රටේ රජකාලේ ඉඳන් ආපු, ගොවි ජනතාව යාචකයෝ බවට පත්කරපු හැටි මතකද? ඒ වගේ අත් බැලීම් කරන්නැතුව මේ රටත් පළපුරුදු කණ්ඩායමක් අතට අවංක පිරිසක් අතට නව පාර්ලිමේන්තු බලයක් කරා මේ ජනාධිපතිවරණය ගෙන යාම වෙනුවෙන් අපි මේ ජනාධිපතිවරණය පාවිච්චි කරනවා. මෙන්න මේ අපි කියපු කාරණාත් එක්ක අපි ඉදිරි දින කිහිපය ඇතුලත තෝරාගත් අපේක්ෂකයා කවුද? කියන එක ප්‍රකාශ කරනවා. ඒ අපේක්ෂකයා රටේ ඊළඟ නමවෙනි ජනාධිපති කිරීම සඳහා අපි එකාවන්ව අධිෂ්ඨානයෙන් ක්‍රියාකරන බව බොහොම පැහැදිලිව කියනවා.” යනුවෙන් රණවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan