කෝකිලායි පාසල් ක්‍රීඩාවට ජපුර විද්‍යාර්ථින්ගේ අත හිත

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 12, (LNW) කොළඹ :

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ව්‍යාහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කරනු ලබන සිව්වන වසරේ විද්‍යාර්ථීන් විසින් කෝකිලායි ප්‍රදේශයේ පාසල් දෙකක ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය සඳහා දායකත්වය දැක්වීමේ ව්‍යාපෘතියක් ජුනි මස 31 – අගෝස්තු මස 4 තෙක් දිනයන්හි සාර්ථකව ක්‍රියාත්මක කළා.ඒ සිය විෂය පථයට අනුව බාහිර ක්‍රියාකාරකමක් ලෙස කෙරුණු ව්‍යාපෘතියක් ලෙසයි.

“ක්‍රීඩා සවිය 5.0” ලෙස නම් කර තිබුණු එම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ පාසැල් තුල ක්‍රීඩාවට උනන්දුවක් ඇති කිරීමේ අරමුණින්, මුලතිව් ප්‍රදේශයේ පිහිටා ඇති දුෂ්කර පාසැල් දෙකක් වන මු/කෝකිලායි සිංහල විදුහලේ වොලිබෝල් ක්‍රීඩාංගනය හා ක්‍රීඩාගාරය අලුත්වැඩියා කිරීමත්, මු/කෝකිලායි රජයේ දෙමළ මිශ්‍ර පාසැලේ වොලිබෝල් , දැල්පන්දු, පාපන්දු ක්‍රිඩාංගනය සහ ක්‍රීඩාගාරය අලුත්වැඩියා කිරීමත් එම පාසැලේ දුර පනින කොටස අලුත්වැඩියා කිරීමත් සිඳු කරන්නට යෙදිණ.


මෙම විද්‍යාර්ථීන් අතර යම් යම් ක්‍රීඩාවන් සඳහා ජාතික මට්ටම නියෝජනය කළ පිරිස් දි සිටිනු දකින්නට ලැබුණු අතර,ඔවුන් විසින් පාසැල් දෙකෙහිම පුහුණු කඳවුරු පැවැත්වීමත් එහිදී සිඳු කෙරිණි.මේ සමඟ දැක්වෙන්නේ එම ව්‍යාපෘතියට අයත් ක්‍රියාකාරකම් සටහන් වූ ඡායාරූප කිහිපයකි.


අනාගතයේ ක්‍රීඩාව කළමණාකරණයේ බොහෝ වගකීම් දරන්නට ක්‍රීඩාව ගැන සබුද්ධිකව මැදිහත්වන පරම්පරාවේ නියෝජනයක් ලෙස ගත හැකි මේ ජපුර සිසු සිසුවියන්ගේ දායකත්වය,පටු බෙදුම්කාරී හැඟීම්වලට යට නොවී ඉදරියටත් ලාංකේයත්වය පදනම් කරගත් අබේදව පැවතීම රටේ ක්‍රීඩාවට පමණක් නොවන සමස්ත පිබිදීමටම වැදගත් යහපත් අනාගතයකට වැදගත් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...