රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත යොමුකර ඇති අතර එහි පිටපතක් ජාතික පොලිස් කොමිසම වෙත ද ලැබී ඇති බව සඳහන්.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ බිරිඳ වන රේණුකා ඒකනායක මහත්මිය හිටපු අමාත්‍යාංශ ලේකම්වරියකි.

ඇය පශූ සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් කටයුතු කරමින් සිටියදී 2018 වසරේදී එම අමාත්‍යාංශයෙන් කිරි ගවයින් 15,000ක් ආනයනය කිරීම සඳහා කටයුතු කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතාවක් පිළිබඳව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් ප්‍රශ්න කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...