නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW:
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාව තුළ සිටින දක්ෂතම විස්සයි විස්ස ක්‍රීඩකයින් රොඳ බඳින තරගාවලියක් සූදානම් කර ක්‍රියාත්මක කරනවා.ඒ සඳහා තෝරා ගත් කණ්ඩායම් තුන නම් කර තිබෙන්නේ ග්‍රේ,ග්‍රීන් සහ බ්ලූ ලෙසයි.මේ වන විටත් තරගාවලියේ සහභාගි වූ තරග තුනම ජයගෙන සිටින ග්‍රීන් කණ්ඩායමට තවත් ඉතිරිව තිබෙන්නේ එක් තරගයක් පමණයි.
ග්‍රීන් කණ්ඩායමේ ජයග්‍රහණ දෙකකදීම එම ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධාන කාර්යයක් කළ ක්‍රීඩකයා හැටියට මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා සහ වැඩිම ලකුණුලාභියා හැටියට දෙ‘අංශයෙන්ම පෙරමුණ සිටින ක්‍රීඩකයා චාමික කරුණාරත්නයි.විවිධ කාරණා වගේම දස්කම්වල යම් පසුබැස්මක් ද සහිතව සිට චාමික කරුණාරත්න යළිත් මේ ආකාරයට දස්කම් අතරට පිවිස සිටිනවා.විශේෂයෙන් සිම්බාබ්වේ සංචාරය සහ ඉදිරි ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන ක්‍රියාත්මක මෙම තරගාවලියේදී චාමික මේ දක්වා දක්වා ඇති දස්කම් ආසන්නම සිම්බාබ්වේ තරගාවලියට නම් අනිවාර්යෙන් ප්‍රමාණවත් විය යුතුයි.
ග්‍රීන් කණ්ඩායම සහභාගි වූ ප්‍රථම තරගයේ දී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද ජයග්‍රහණයට අවශ්‍යය මාර්ගය සකසා දුන් චාමික යළිත් තෙවන තරගයේදී ඒ ආකාරයටම ග්‍රීන් කණ්ඩායම පරාජය කිරීම සඳහා පිත්තෙන් සහ පන්දුවෙන් ඉහළ දස්කම් දක්වා සිටියා.එහිදී පළමුව පන්දුවට පහර දුන් ග්‍රීන් කණ්ඩායම පන්දු ඕවර් 20 තුළ ලකුණු 158 ක් ලබා ගත්තේ කඩුලු 6 ක් අහිමි කර ගනිමින්.එහිදී ලකුනු 57 ට කඩුලු 5 ක් දැවී ගොස් සිට ග්‍රීන් කණ්ඩායම ජයග්‍රහණය ලැබිය හැකි ලකුණු පූවරුවක් කරා ගෙන යන්නට දායක වන්නේ නායක කමිඳු මෙණ්ඩිස් සහ චාමික කරුණාරත්නයි.
චාමික කඩුලු 6 ට ලකුණු 158 ක් දක්වා වන ඉණිම නිර්මාණය කරන්නට දායක වෙමින් නොදැවී ලකුණු 41 ක් ලබා ගන්නේ පන්දු 30 ක් තුළයි.ඔහු පන්දු 39 දී ලකුණු 50 ක් ලබා ගත් කමිඳු මෙණ්ඩිස් සමඟ හයවන කඩුල්ලට ලකුණු 82 ක සබදතාවයක් පවත්වනවා.ගිලිහී ගොස් තිබුණු තරගයක් නැවත ග්‍රීන් කණ්ඩායම දෙසට නම්මා ගැනීමට කමිඳු සහ චාමිකට දියත් කරන්න සිඳුවන පිතිහරඹය පහසු එකක් නොවන්නේ එය පන්දු ඕවර් 20 තරගයේ ආකෘතියට අනුව අවශ්‍යය වේගවත් බව ද රැකගෙන ක්‍රියාත්මක කළයුතු වීම නිසයි.
ඒ නිසා පන්දු 59 දී රැස් කරන ලකුණු 82 ක් වූ හයවන කඩුල්ලේ සබඳතාවය ඉදිරියට ගෙන යිම්න තරගයේ අන්තිම පන්දු 10 තුළ තවත් ලකුනු 19ක් එක් කර දෙන්නට චාමික,දුෂාන් හේමන්ත ද එකතු කර ගන්නවා.එහිදී දුෂාන් පන්දු 5 දී ලකුණු 7 ක් ලබා ගනිද්දී චාමික පන්දු 5 න් ලකුණු 14 ක් ලබා ගන්නට සමත් වෙනවා.
පිළිතුරු ඉණිම සඳහා ලකුනු 159 ක ඉලක්කයක් සොයා පිවිසෙන බ්ලූ ක්‍රීඩකයන්ට එරෙහිව දැවන්තම බාධාකය ගොඩ නඟන්නේ දුෂාන් හේමන්තයි.ඔහු සිය පන්දු ඕවර් 4 නිමා කරන්නේ ලකුණු 18 ට කඩුලු 4ක් දවා ගනිමින් විම නිසා බ්ලූ කණ්ඩායම දැඩි පීඩනයකට ලක් වෙනවා.චාමික පන්දු ඕවර් 3ක් යවමින් ලකුණු 17 ට කඩුලු 2 ක් දවා ගැනීමත් දුෂාන් ඇති කළ පීඩනය දෙගුණ කරනවා.ධනංජය ද සිල්වා බ්ලූ කණ්ඩායම වෙනුවෙන් රැස් කළ ලකුනු 18 එම කණ්ඩායමේ පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු ගණන වන අතර පන්දු ඕවර් 15 ක් තුළ ඔවුන්ගේ සියළුම කඩුලු ලකුණු 86 අහිමි වී යනවා.
