ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපද අගනුවර ‘අපරාධ හදිසි අවස්ථාවක්’ ප්‍රකාශයට පත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද අගනුවර වොෂින්ටන් ඩීසී හි “අපරාධ හදිසි අවස්ථාවක්” ප්‍රකාශයට පත් කරමින් ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කිරීමේ පාලනය භාර ගැනීමට එක්සත් ජනපද ජාතික ආරක්ෂක හමුදා යොදවන බවට ප්‍රකාශ කර තිබේ.

ලක්ෂ 700,000කට අධික පිරිසක් වෙසෙන වොෂින්ටනය එක්සත් ජනපදයේ ප්‍රථම කළු ජාතික බහුතර නගරය ලෙස හඳුන්වන අතර බොහෝ දෙනෙකු මෙම විධායක නියෝගයට එරෙහිව විදි බැස සිය අප්‍රසාදය පල කරමින් ඇත.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයේ සිට වාර්තා කරුවන් අමතමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, මෙය කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ ජාලයන් වීදියෙන් ඉවත් කිරීම හා නිවාස අහිමි පුද්ගලයන් ඉවත් කිරීම ඉලක්ක කරගත් දැවැන්ත බලාත්මක කිරීමේ මෙහෙයුමක් වශයෙනි.

ඩීසී අපරාධ අනුපාත සාමාන්‍යයෙන් ජාතික සාමාන්‍යයට වඩා ඉහළ මට්ටමක පැවතුනද, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 2023 සිට 2024 දක්වා සියයට 35 කින් සහ මේ වසරේ තවත් සියයට 26 කින් පහත වැටී ඇති අතර මෙම වසර මුලදී, අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඩීසී හි ප්‍රචණ්ඩකාරී අපරාධ වසර 30 කට පසු අවම මට්ටමකට පැමිණ ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොබාදහමේ රහ තැන් සොයාගිය මෝනි මෙහබූබ් ගේ, ඇස් අහකට ගන්න බැරි වනජීවී ඡායාරූප කිහිපයක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): දකිනවුන්ගේ ඇස් කකියන...

අතිරේක තීරුබදු අත්හිටුවමින් චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්!

කොළඹ LNW:චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය...

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍ය රාජිතට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) කොළඹ...