චේරන්ගේ තෝරාගත් කවි ”ළසෝ දියවෙන භූමිය” ලෙසින් සිංහලට! (PHOTOS)

Date:

කොළඹ LNW:”ළසෝ දියවෙන භූමිය” පරිවර්තිත කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම අද (12) කොළඹ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මේ වන විට කැනඩාවේ පදිංචිව සිටින රුද්‍රමූර්ති චේරන් මහතා විසින් රචිත කවිවලින් තෝරාගත් කවි එකතුව සංජුලා පීටර්ස් විසින් සිංහලට පරිවර්තනය කර තිබේ.

යුද්ධය හේතුවෙන් මෙරටින් කැනඩාව වෙත සංක්‍රමණය වූ රුද්‍රමූර්ති චේරන් මහතාගේ එම කවි ද යුද්ධය අලලා රචිත ඒවා වීම විශේෂත්වයයි.

මෙම පරිවර්තිත කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ අවස්ථාවේ ප්‍රධාන දේශනය ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා විසින් සිදුකරන ලද අතර රුද්‍රමූර්ති චේරන් මහතා සහ සංජුලා පීටර්ස් මහත්මියද අදහස් දක්වන ලදී.

කවි කියවීම ෆාතිමා රික්ස විසින් සිදු කළාය.

මෙම අවස්ථාවට කලාකරුවන් ඇතුළු සාහිත්‍ය රසකාමීන් එක්ව සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...