ග්‍රාම නිලධාරීන්ගේ තීරණාත්මක ගැටලු රැසක් සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි!

Date:

රට පුරා විසිර සිටින ග්‍රාම නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න කිරීමක් සිදුකළේය.

ගරු කථානායකතුමනි,
ග්‍රාම නිළධාරීවරයා මහජනතාවට සමීපතම ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය නිළධාරියා වන අතර, මවිසින් අවස්ථා දෙකකදී ම මෙම ග්‍රාම නිළධාරීන් මුහුණ දෙනු ලබන ගැටලු සහ, ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීමට කටයුතු කළා.

ඒ අනුව, 2021.03.23 සහ 2021.11.29 යන දිනයන් හිදී ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න දෙකක් මෙම පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළා. එම අවස්ථාවේ දී ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලීමක් වූයේ ග්‍රාම නිළධාරී සේවය සඳහා වෙනම සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසයි. ඊට පිළිතුරු ලබා දෙමින් එවකට විෂයභාර අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද්දේ ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත්, එම සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කොට ඉදිරි කටයුතු සඳහා වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, අද වනතෙක් මෙම ඉල්ලීම ඉටු වී නොමැති බවට සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිළධාරී සංගමය හා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිළධාරීන්ගේ සංගමය ඒකාබද්ධව පෙන්වා දී තිබෙනවා.

ගරු කථානායකතුමනි,
මේ පිළිබඳව රජයේ විශේෂ අවධානය නැවතත් යොමු කරවීමේ අරමුණින් මා විසින් පහත සඳහන් ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒ අනුව, මෙම ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා.

  1. ග්‍රාම නිළධාරී තනතුර සඳහා නව සේවා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වත්මන් ප්‍රගතිය කවරේ ද? මෙතරම් කාලයක් මේ සඳහා වැය කිරීමට බලපා ඇති හේතු කවරේ ද? ඒ සඳහා තව කොපමණ කාලයක් ගතවේ ද?
  2. 06/2006 වැටුප් සංශෝධනය අනුව නියමිත වැටුපේ පිහිටුවීමේ දී කාර්යාලගතව හා ක්ෂේත්‍රගතව කටයුතු කරන ග්‍රාම නිළධාරීවරුන් නොගැලපෙන වැටුප් කාණ්ඩයක පිහිටුවා ඇති බව රජය පිළිගන්නේ ද? එසේනම්, ඉදිරියේ දී නිවැරදි වැටුප් කාණ්ඩයේ පිහිටුවීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද?
  3. වර්තමානයේ සීඝ්‍ර ලෙස ඉහළ යන ඉන්ධන මිළ හේතුවෙන් ග්‍රාම නිළධාරීවරුන්ට සිය වසමේ ක්ෂේත්‍ර රාජකාරී කටයුතු වල නිරත වීමේ දී ලබා දෙන ගමන් වියදම් දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවට ඔවුන් පෙන්වා දී තිබෙනවා. වත්මන් තත්ත්වය තුළ එම දීමනාව ප්‍රමාණවත් නොවන බව රජය පිළිගන්නේ ද? එසේනම්, ඉදිරියේ දී ඒ සඳහා ප්‍රමාණවත් දීමනාවක් ලබා දීමට කටයුතු කරන්නේ ද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...