ස්පයිඩර් මෑන්ගේ ඇඳුමට සමුදීමට තීරණය කළ Tom Holland !

Date:

කණගාටුවෙන් වුවත් මේ කියන්න යන්නේ ටොම් හොලන්ඩ්, ස්පයිඩර් මෑන් විශ්වයේ දිගු නිහැඩියාවකට සූදානම් වන බවයි. ස්පයිඩර් මෑන්-4 සඳහා වූසාකච්ඡාවන් මෙලෙස දින නියමයක් නොමැතිව කල් යෑම ආදී හේතු සාධන නිසා ඇතිවන දිගු ප්‍රමාදයන් හේතුවෙන් අවසානයේ ටොම් හොලන්ඩ් එම භූමිකාවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි නිගමනය කළ හැක. ඔහු වෙනුවට එන නවතම ස්පයිඩර් මෑන් කවුරුන් වේද?

ස්පයිඩර් මෑන් බ්‍රෑන්ඩ් එක කියන්නේ මෙතෙක් බෝරින් සිනමාංගයක් ලෙස පසු බෑමට ලක් වූ සෑම දෙනාම දෑස් දල්වාගෙන තිරයට එනකන් නොඉවසිල්ලෙන් බලාගෙන සිටින නිර්මාණයකි.

දුෂ්ටයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් Sony විසින් තමන්ගේ Spider-Man විශ්වය ගොඩනඟා ඇත. මෙම දුෂ්ට විශ්වය ආරම්භ වූයේ Venom සමඟින් වන අතර එහි Tom Hardy, Eddie Brock හෙවත් Venom ලෙස රංගනයෙන් දායක වේ.

මෙම චරිත බොහොමයක් Spider-Man ට සෘජු ප්‍රතිවිරෝධී බලවේගය වීමට විකට චිත්‍ර තුළ පැවතුනද, Sony දැන් බොහෝමයක් ප්‍රති-වීරයන් බවටපරිවර්තනය කරමින් සිටී. සටන්කාමීත්වය සමඟ උරෙන් උර ගැටෙන ගමන් මිනිසුන්ගේ නෙත් සිත් ඇඳබැඳ ගැනීමට එම නිර්මාණ සමත් වන්නේ අන්න එබැවිනි.

ටොම් හොලන්ඩ් පැවසුවේ ඔහු වෙනුවට ස්පයිඩර්-ග්වෙන් වැනි අයෙකුට තමා කැමති බවත්, ස්පයිඩර්-වර්ස් චිත්‍රපටවල හේලී ස්ටේන්ෆෙල්ඩ්ගේ චරිතය නිරූපණය කිරීමේ ජනප්‍රියතාවය පිළිබඳව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Euphoria ලෙස ප්‍රසිද්ධියට පත් Sydney Sweeney අවසානයේ Variety වෙතින් තහවුරු කළේ ඇය Madame Web හි Julia Carpenter ලෙස එසේත් නැතිනම් Spider-Woman ලෙසින් පෙනී සිටින බවයි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...