*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

OLYMPIC නොතකපු OLYMPIC & MINISTRY

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නිමාවට පත්වෙන්නේ ශ්‍රී ලංකාව ඉදිරියේ රිදී සහ ලෝකඩ පදක්කම් එක බැඟින් තබමින්ය.එම පදක්කම් ද්විත්වයම මලල ක්‍රීඩාවෙන් හිමි වුණා.එහිදී සහභාගි වූ යොවුන් ක්‍රීඩකයින් මලල ක්‍රීඩා,පිහිණුම් සහ වෙරළ වොලිබෝල් තරග සඳහා සහභාගි වුණා.මේ අතරින් එම තරග සංචාරය සඳහා නම් කළ සිටි පුහුණුකරුවන් අතරින් වැඩාත්ම අත්දැකීම් සහිත සහ වැඩිම ජාත්‍යන්තර මට්ටමෙන් අවධානයක් සහ ජයග්‍රහණ ප්‍රමාණයක් දිනා දී සිටි පුහුණුකරු වූයේ මලල ක්‍රීඩාව සඳහා නම් කර සිටි අනුර බණ්ඩාරයි.
මලල ක්‍රීඩාව සඳහා නම් කර සිටි පුහුණුකරුවන් අතර අනුර නම් කරන්නට හේතුව වුයේ ඔහුගේ ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් සහභාගි වීමයි.ක්‍රීඩකයා අද රටම කතා කරන මීටර් 400 කඩුලු තරගයේදී රිදී පදක්කම දිනා ගත් අයෝමාල් අකලංක යි.ක්‍රීඩිකාව එම බාලිකා ඉසව්වේ දී සිවිවන තැන දිනූ සහ බාලිකා දුර පැනීම ඉසව්වේදී අටවන තැන දිනූ ශලිනි හංසනී මුණසිංහ යි.ඊට අමතරව මේ කණ්ඩායමට උස පනින ක්‍රිඩකයන් දෙදෙනෙක්ම ඇතුළත් වුණා.ඉන් නිලුපුල් පැහැසර ලෝකඩ පදක්කමක් දිනා ගනු ලැබුවා.හැකියාවක් සහ වත්කමක් තිබුණානම් ඇත්තටම එම දෙදෙනා වෙනුවෙන් ද පුහුණුකරුවෙක් සහභාගි කරන්නට තිබුණා.


එහිදී ද උස පැනීමේ එක් ක්‍රීඩකයෙක්ගේ පුහුණුකරු ඔලිම්පික් මට්ටමේ ක්‍රිඩකයෙක් නිර්මාණය කළ පුහුණුකරුවෙක් වුණා.ඒ මංජුල කුමාරනම් අති විශිෂ්ඨ උස පනින්නාගේ පුහුණුකරු සහ ඔහු සොයා ගැනීමේ ගෞරවය යා යුතු කීර්ති කුමාර යි.සුගත් තිලකරත්න සහ මංජුල කුමාර යන ක්‍රීඩක යුගලය ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි අති විශිෂ්ඨයන් හැටියට සදාකාලිකව පවතින ක්‍රීඩක යුගලයක් වන අතර ඔවුන්ගේ පුහුණුකරුවන් වරප්‍රසාදිත තත්ත්වයේ හැසිරීමක් නැති තවමත් ගමට ඇලී ගැලී සිටින,අලුත් ක්‍රිඩකයින් වරින්වර රටට හඳුන්වා දෙමින් මලල ක්‍රීඩාව ප්‍රභූත්වයට පත් කළ හැකි ජයග්‍රහණ වෙනුවෙන් දර දිය අදින්නන් බව පැවසිය හැකියි.
විශේෂයෙන් අනුර බණ්ඩාර එක්තරා සමයක සුගත් ලෝකය හඳුනාගන්න මට්ටමේ ජයග්‍රාහකයෙක්ව පෙරට එද්දීත්,අඹගමුවෙන් නැග බසයක කොළඹ ආ අන් පුහුණුකරුවන්ට ලැබෙන සැළකිලිවලට හිමිකම් නොකී අයෙක් බව මේ ලියුම්කරු දනියි.ලැබුණු අවම හිමිකම් හෝ ලබා දීම වෙනුවෙන් එවකට ද පෑනෙන් යම් දායකත්වයක් ලබා දෙන්නට මැදිහත් වෙමින් සටන් කළ අයෙක් ලෙස ඔහු සම්මුඛ සාකච්ඡාවකට මුලින්ම හමුවන දවසේත් අඹගමුවේ සිට බසයක ගමන් මල්ලත් කරේ දාගෙන පැමිණ එහි බරට උරපත්ත අතගාමින් පරණ ටොරිංටන් ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ හමු වූ අයුරු තවමත් අමතක නැත.
තවමත් අනුර බණ්ඩාරට සැළකිලි වෙනස් නැත.පෙර පරදිමය.අනුර සහ කීර්ති අතරින් අනුර මේ සංචාරයට එකතු කරද්දී සහ ඉන් අනතුරුව ඇති වූ ගැටළුකාරී තත්ත්වයන්වලදී අනුර එහි සිටි ප්‍රමුඛයා වුව ද ක්‍රීඩා බලධාරීන් ඔහුව නොසළකා හැරියේය.වීසා ලබා ගැනීමේදී ප්‍රමුඛතා ලැයිස්තුවක් සැකසුවේනම් එහි මුලින්ම අනුර බණිඩාර ද කාන්තා කණ්ඩායම් භාර නිලධාරිණිය (රටේ අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛයන්ට අනුව) සිටිය යුතුව තිබිණ.නමුත් අවසානයේ එම දෙදෙනාම වීසා ලැබුණු ලැයිස්තුවේ නොසිටියේය.
මෙහි දී රට මේ තත්ත්වයට ඇඳ වැටී ඇත්තේ සංචාරවලදී ක්‍රිඩකයින් පැන යාම නිසාය.ඒ දේශද්‍රෝහී ක්‍රියාව නිසා මෙරටට විදෙස්රටවල් වීසා දීම ප්‍රතික්ෂේප කරන්නේය.එවැනි තත්ත්වයකට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් හෝ විසදුම් ගන්නට තරම් ලෝකයම සළකන නායකයා යටතේ සිටින රට විශ්වාස කරන්නේ ද නැත.එහි දේශපාලන ගැටළු රැසක් ඇත.ක්‍රිඩාව පැත්තෙන් පහතට වතුර බසින මේ කතාවේ ඇත්ත ඊට වෙනස්ය.

O


සෑම විශේෂ වෘත්තීය මට්ටමකදීම (උදාහරණයකට වෛද්‍ය වෘත්තිය ගන්න) රජයේම දත්ත සහ සංඛ්‍යා ලේඛණ අනුව වෘත්තිකයන්ගේ හිඟයක් ඇත.ඒ රට හැර යාම නිසාය.විදෙස් ගමන් බලපත්‍ර පෝලිම් සැතපුම් ගණන් දිගය.ඒ රට තමන්ගේ ජනවරම දුන් පුරවැසියන් වෙනුවෙන් දේශපාලකයා ගෙන ගොස් තිබෙන දුරය.එය ක්‍රිඩාවේ අර්බූදයක් නොවේය.වෘත්තීය පුහුණුවට,යම් රාජ්‍යතාන්ත්‍රික නිල සංචාරවලට විදෙස් ගත වූ අය ද මේ රට අතහැර යන මට්ටමක ක්‍රීඩකයා ගැන වැඩිපුර පුවත් මැවෙන්නේ ඔහු ප්‍රභූ චරිතයක් නොවන බැවින්ය.
නාමල් රාජපක්ෂගේ විදුලි බිල ගැන නම සඳහන් කරනු තබා එම කාල වකවානුවේ ඔහුගේම මංගල්ලයද පැවති බවවත් නොකියන,ජවිපෙ පළාත් සභා මංත්‍රීවරා නාමල්ගේ නම සඳහන් කරන බව උපුටා දැක්වීමටවත් නොයන ප්‍රධාන පෙළේ මාධ්‍ය,පොලිසිය කිව් පමණින් කතා නිර්මාණ කර වරද සිඳු වූ හැටි ගැන මනංකල්පිත කතා ලියන්නෝ වෙති.කතා කියන්නෝ වෙති.කොණ්ඩයාගේ කතා වස්තුව ඊට කදිම උදාහරණයකි.ඒ ආකාරයටම රටින් පැන යන ක්‍රීඩකයන් ගැන සංඛ්‍යාලේඛණ සටහන් කරන මාධ්‍ය අඩුම ගණනේ ක්‍රීඩාවේ නාමයෙන් අතුරුදහන් වූ මාධ්‍යවේදීන් ගැන හෝ නොලියා වෘත්තීය ගරුත්වය රකින්නට පරිස්සම් වෙති.තමන්ටත් සමඟම රටට කීර්තිය ගෙන එම් පිණිස වගකීමක ගැට ගසා තබන්නේ ක්‍රිඩකයා පමණි.ඔහුට විරුද්ධ වන්නට හයියක් නැති බව දන්න නිසාම පහසුවෙන්ම එම පැනයාම්වලදී දිගින් දිගටම ක්‍රීඩකයන් පමණක් දේශද්‍රොහී ලේබලයේ රඳවති.නමුත් සම්පූර්ණ දත්ත සළකා මිස ක්‍රීඩකයින් පැන යාමම සළකා ප්‍රතික්ෂේප කිරීම් කරන්නට රටවල් සූදානම් නැත.ඔවුන්ට ක්‍රීඩකයින් ද එක් කොටසක් පමණි.
මේ තරුණ ක්‍රිඩකයින් වෙනුවෙන් රජයේ කුමන වැඩ පිළිවෙලකින් සහනයක් ලැබී ඇද්ද?සංචාරයක් යන්න ආ විට අනුමැතියි දීම,අනුමැතියට යවන නම් ගොන්නෙන් නමක් දෙකක් ඉවත් කිරීම යනාදිය සිදු නොකරන්නේනම් ක්‍රීඩා අමාත්‍යංශය මතක් නොවන තැනට දැන් ක්‍රීඩාවට සම්බන්ධ නැත.එසේත් නැතිනම් දේශාපලන බලපෑම් ඇති කර රටේ ක්‍රීඩාවක් තහනම් කළ විට අමාත්‍යඞශය සිහිවන්නේය.නමුත් මේ සිදුවීමේදී වීසා ලබා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම කරන්න ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් විය.
ජාතික ඔලිම්පික් කමිටුව ඒ සඳහා දීර්ඝ කාලයක් ගෙන සූදානම් නොවීම ගැටළුවකි.අවසාන දින කිහිපයකදී අමාත්‍යංශය පිටට වගකීම පවරා නිහඩ වන්නට පෙර එම නොහැකියාව පවසා එම මැදිහත්වීම ලබා ගන්නට තිබිණ.ඔලිම්පික් කමිටුව එහිදී මේ රට දේශපාලනික වශයෙන් කඩා වැටී ඇති තත්ත්වය සැළකිල්ලට ගෙන කටයුතු කර නැත.පුරවැසියාට ජීවත්වීමට සුදුසු සහ ඊට කැමත්තක් ඇති වන රටක් නැත යන්න ගැන ඔලිම්පික් කමිටුවට අවබෝධයක් තිබුණේ නම් ඔවුන් මේ වීසා ප්‍රශ්නයට විසදුම් සෙවීමට මීට පෙර සම්බන්ධ වන බව නිසැකය.

කීර්ති කුමාර


සමස්තයක් වශයෙන් මේ පොළවේ දේශපාලනය ලෝකය දකින හැටි වගකිම් සහිත පුටුවල සිටින අයට අදාළ නොවන්නේ තමන්ගේ ප්‍රභූ ජීවිතවලට සාපේක්ෂවය.ලෝකයේ විශ්වාසය දිනාගෙන ඇති ප්‍රභූ චරිත හැටියට එම පාලකයන්ට ඇති පිළිගැනීම තමන් සම්බන්ධ වන ක්‍රීඩාවට නැති වීම ඔවුන්ගේද අර්බූදයක් බව පිළිගත යුතුය.එතැනින් අසමත් වී ආ ප්‍රශ්නය ක්‍රීඩා අමාත්‍යඞශයට ආ විට,ඔවුන් ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද?
රාජ්‍යතාන්ත්‍රික බලය යොදා ගනිමින් අවසාන මොහොතේදී ඇමෙරිකාව හරහා වීසා ලබා ගැනීමේදී එහිදී ප්‍රමුඛතාවය දිය යුත්තේ කුමන නිලධාරීන්ටද යන්න අමාත්‍යංශය සැළකිල්ල යොමු නොකිරීම වරදක් බව අපේ විශ්වාසය වන්නේය.මේ යෞවනයෝ වෙනුවෙන් ඔවුන්ගේ අනාගතයට ලැබී ඇත්තේ මොනවාද?බහුතරයක් ක්‍රීඩාවේ දක්ෂයන් දුවන්නේ,පනින්නේ වීසි කරන්නේ දුප්පත්කමට එරෙහිවය.ඔවුන්ට දුව පැන වීසි කර පරාජය කරන්න අපහසු ආර්තික දුෂ්කරතාය.ඊට සහනයක් වශයෙන් ඔවුන්ව රැක බලා ගන්න ජාතික වශයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට සැළසුමක් නැත.මලල ක්‍රීඩා සංගමයටද සැළසුමක් නැත.ඒ නිසාම මේ ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණ වැඩ සැළසුමක පලයක් නොවේය.
එහෙම සැළසුම් නැති රටක එවැනි රටක් උරුම කර දුන් අයට තමන්ගේ කෙරුවාන් පෙන්නා සතුටු වෙන්න දෙයක් නැත.තමන්ට පැවරුණ වගකීම් ඉටු කරන්නට සැළසුමක්,වගකීමක් හරිියට දරන්නේ නැති මිනිසුන් ලෙස ඔවුන්ට සිය වගකිම් අතරට දමාගෙන ලෝකයට පෙන්නන්නට තිබෙන්නේත් තමන් විසින් පැහැර හැර ඇති යුතුකම් මැද මේ ක්‍රිඩකයින් දක්වන දස්කම් ය.යම් තරමකට හෝ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන දෙයක් වේනම් ඒ ජාතික ඔලිම්පික් කමිටුව ගෙන යන ක්‍රිස්බෝ වැඩ සටහනය.
ක්‍රිඩා අමාත්‍යංශයට ඇති වැඩ සැළසුම්වල ජාතික සංචිතයේ ක්‍රිඩකයන්ව අඩුම තරමේ තමන්ට හොඳ පරිසරයක ක්‍රීඩාවේ යොදවන්න හෝ සැළසුමක් තිබෙන බව දකික්නට නැත.ඊට උචිත පරිසරයක පුහුණුවීම් කරන ක්‍රීඩකයාට කියන්නේ පුහුණුවට වඩා කොළඹ සිටින ලෙසය.නැත්නම් කෑම හෝ කෑමට යන වියදම ලෙසය.ඒ කටයුතු භාරව සිටින විජේරත්න අධ්‍යක්ෂවරයා එහි රහස දිවි හිමියෙන් රකින දේව රහසක්ය.තීරණයට හේතුව මාධ්‍ය්‍යට පවසන්නට බැරි තරම්ය.
මේ දේශපාලකයෝ සහ නිලධාරි පිණුම් ගසන්නට හදාගත් රටේ වැඩ පිළිවෙලේ පුරවැසියන්ට තිබෙන්නේ එවාට හූ තැබීම්,සහ අත්පොළසන් දීමේ දෙවිදිහක වැඩ පමණි.යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ නිලධාරීන්ට වීසා ලබා ගැනීමේදී ඔවුන් හිතා තිබෙන දුර එය ඉතා හොදින් පැහැදිළි කරන්නේය.රටේ අධ්‍යාපනය ලබන දූවරුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛය නොසළකා හැර ඇත.එම නිලධාරී කණ්ඩායම ඇතුළේ සිට හොඳම පුහුණුකරු නෙරපා ඇත.දිනූ පදක්කම් දෙකම මලල ක්‍රීඩාවේ බරපතල තාක්ෂණික මෙහෙයුමක් මැද දිනූ එකක්ය.අයෝමාල් පළමු කඩුල්ලේදීම තාක්ෂණික වැරදි පිම්මක් පෙන්වන අතර එහ ඔහු සිය නුවණින් නිවැරදි කර ගන්නේය.සමහර විට ඔහුට අවසාන මොහොතේදී තමන්ගේ පුහුණුකරු නොව ඉසව්ව සම්බන්ධයෙන් දැණුමක් තියෙන කුමනාකාරයේ හෝ පුහුණුකරුවෙක් සිටියානම් එම වරද නොවෙන්නටත්,සමහර විට රිදී පැහැය රන් පැහැයට හැරෙන්නටත් තිබිණ.
උස පැනීමේ ඉසව්වේ අපට හිමි වූයේ ලෝකඩ පදක්කමය.සමහර විට මලල ක්‍රීඩා පුුහුුණුකරුවෙක් සිටියේනම් පිම්ම ලබා ගැනීමේදී සිදු වූ අඩු පාඩු මකා ගන්නට මෙන්ම ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කම් යුගලයටම යන්නටත් ඉඩක් තිබුණ බව පැහැදිළිය.පහත ප්‍රතිපල ලේඛණයට පිවිස එහි ක්‍රීඩකයාගේ දක්ෂතාවය ඉදිරියේ ඇති පහතට යොමු වී ඇති ඊතලයෙන් ඔබට පැනිම් පිළිබඳ දත්ත ලබා ගෙන එය සහතික කර ගැනීමට හැකිය.
https://results.trinbago2023.org/#/discipline/ATH/results/M.HIGHJUMP———-.FNL-.000100–
ඒ නිසා මේ සංචාරයට ගිය කණ්ඩායමේ ක්‍රීඩකයින් ගැන සළකද්දී ඔලිම්පික් පරිසාධන මට්ටම අභිබවා ඔලිම්පික් නියෝජනයට යන්නට ක්‍රීඩකයින් පුහුණු කළ පුහුණුකරුවන් දෙදෙනෙක්ගේ දරුවන් වූහ.ඉන් එක් අයෙක් සංචාරයට නම් කර තිබුණ ද බලධාරීන් වැඩ කටයුතු කළ ආකාරයෙන් කැපුණේ ඔහුගේ බෙල්ලය.අන්තිමට පදක්කම්ලාභින් වූයේ එම පුහුණුකරුවන් දෙදෙනාගේ ගෝලයෝය.
වැදගත්ම දේ මේ මොහොතේ මේ සිදුවීම අරභයා ඔලිම්පික් ආයතනය ෆේල් බව කියා ඇතිවන පෙළ ගැසීමය.එවිට ක්‍රීඩා අමාත්‍යංශය සමත් ද යන ගැටළුව ඉතුරු වන්නේය.සමස්තයේ අවුල රටේ දේශාපාලන දැක්මක් නැතිකමය.ගැටළු මතුවන්නේ මේ රට ඉන්න හිටින්නට නොසිතෙන තැනක් බවට පත් කළ දේශාපාලකයා එවැනි දේශපාලකයන්ට රට භාර දෙන්නට තරම් වැරදි තීන්දු ගත් මේ සටහන්කරුද් ඇතුළත් වන පුරවැසි කුලකයය.දැන් මේ රට වෙනස් කිරීමේ උද්ඝෝෂණ සහ විරෝධතා සඳහා පක්ෂ සමඟ එකතු වීමට එහා ගිය පුරවැසි මැදිහත්වීමක් අවශ්‍යය වන්නේය.බල සඳහා නොවන එවැනි සැළසුමකින් විසඳුම් රටට දී,ඒ පක්ෂ වටා ගොඩ නැඟෙන මිනිස්සු විසඳුම් දෙන ඒවා ඉටු කර ගන්නට පාලකයන්ට බල කරන මිනිසුන් විය යුතුය.එපා කියන වචනයෙන් එහාට ගොස් මෙහම කරන්න කියා විසඳුම දෙන තැනකට පුරවැසියා දැණුමෙන් සන්නද්ධව කටයුතු කරන තැනට පැමිණි විට පක්ෂ,පක්ෂවල නියෝජිතයන් වෙනුවට ඇත්තටම පුරවැසියාගේ අවශ්‍යයතාවය වෙනුවෙන් සන්නද්ධ වන ක්‍රියාවලියකට අපට යා හැකි වනු ඇත.ක්‍රීඩාවද එසේමය.
ඔලිම්පික් ආයතනයෙන් යෂ්ඨිය ගිලිහුණ විට එහි ගෞරවය අමාත්‍යංශයට පවරන්නට හදිසි වීමට වඩා අමාත්‍යංශය සතුව රටේ ක්‍රීඩාව නැංවීම පිණිස වන වැඩ සටහන කවරේද යන්න අප විමසිලිමත් විය යුතුය.මේ යෞවනයන් සොයා ගත්තේ රජයේ කුමන වැඩ සටහනක් යටතේ ද?ඒ සඳහා වූ දායකත්වය කවරේද?දක්ෂතා හඳුනා ගැනීමෙන් පසුව ඔවුන්ට මේ දක්වා එන්නට අවශ්‍යය පහසුකම් සැපයෙන් රාජ්‍ය මට්ටමේ වැඩ සටහන් මොනවාද?
ඔලිම්පික් යවන පිරිස වැඩි කරන්නට කතා කරන හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද අප දැක ඇත.නමුත් ඒ යෝජනාවල තිබිය යුත්තේ ඔලිම්පික් සඳහා සෑම ක්‍රීඩාවකින්ම පරිසාධනය සඳහා පිවිසෙන පිරිසක් තැනීම ගැනය.නැත්තේ එයය.හැම තැනම හිල්ය.ඒ හිල්වලින් ඔලිම්පික් දිනන පරපුරක් තැනීම කියන බරපතල වගකීම වෙනුවට ඔලිම්පික් ගිය ක්‍රීඩකයින් පුහුණු කළ පුහුණුකරුවන්ද හැලිය හැකි බව යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගයේදී ඔප්පු විය.හැබැයි අනුර බණ්ඩාරලා හැලුණත් ක්‍රීඩාව හැලෙන්න නොදී රටට කීර්තියක් ගෙන එන ක්‍රීඩකයෝ තනන බව ද ඔප්පු කර පෙන්නා තිබේ.වැදගත් පාලකයන් වන අමාත්‍යංශය සහ ඔලිම්පික් තුලාවේ දෙපැත්තට දමා වැඩි බර බලමින් කාලය ගත කිරීමේ නොවේය.අනුර බණ්ඩාරලා රැක ගැනීමට,ඔවුන් හොයා දෙන අපූරු මානව සම්පත් රැක ගැනීමට ජනතාව පුරවැසියන් අතරෙන් එන විසඳුම් සහ යෝජනා සාකච්ඡාවට ගැනීමය.ඒ සඳහා පුරවැසියන් පෙළ ගැසිය යුතුව ඇත.සමාජය විද්වත් මණ්ඩපයක් විය යුතුය.එවිට ඔබ සමාජය මෙහෙයවීම සඳහා තෝරා ගන්න හැම තෝරා ගැනීමක්ම ප්‍රශස්ත මට්ටමට ආසන්නව රැඳෙනු ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan