ජාතික ක්‍රීඩා විද්‍යායතනය සහ ශ්‍රී ලංකා බැඩිම්න්ටන් එක්ව පුහුණු දැණුම ඔසවයි

Date:

බැඩමින්ටන් පුහුණුකරුවෙක් ලෙස ඔබේ ජීවිතයට පුුහුණුකරුවෙක් ලෙස ලැබුණු බලපත්‍රය ජාත්‍යන්තර පිළිගත් එකක් බවත්,එය සිය ජීවිතය මෙන්ම බැඩිමින්ටන් ක්‍රීඩාවද පෝෂණය කරන්නට යොදා ගන්නා ලෙසත් ශ්‍රී ලංකා බැඩිමින්ටන් සම්මේලනයේ සභාපති රොහාන් ද සිල්වා පැවසීය.ඔහු එසේ පැවසුවේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනය එක්ව සංවිධානය කළ බැඩිමින්ටන් පළමු පෙළ පුහුණු පාඨමාලාව අවසානයේ සහතික පත් බෙදා දීමේ උත්සවය අමතමින්ය.

සියයකට ආසන්න පිරිසක් මෙම පාඨමාලාවට සම්බන්ධ වී සිටි අතර එ් සඳහා ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේද ආශිර්වාදය හිමි වී තිබිණි.ශ්‍රී ලංකා බැඩිමින්ටන් වෙනුවෙන් පුහුණු සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මෙම පාඨමාලාව මෙහෙයවීමේ වගකීම ඉටු කළ අතර ශ්‍රී ලංකා බැඩිමින්ටන් වෙනුවෙන් එම වැඩ පිළිවෙළ සංවිධානය වෙනුවෙන් සභාපති රොහාන් ද සිල්වා අනුග්‍රහය සොයා දීමට මැදිහත් වී තිබිණ.

එම සහතික පත් බෙදා දීමේ උත්සව අවස්ථාවට සභාපති රොහාන් ද සිල්වා, ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සහ රාජ්‍ය සේවා බැඩිමින්ටන් සංගමයේ සභාපති සජිත් ජයලාල්, බැඩිමින්ටන් උප සභාපති සහ පුහුණු සංවර්ධන කමිටු සභාපති බුද්ධික ද සිල්වා, උප සභාපති රොෂාන් ගුණවර්ධන සහ රෝහණ සිල්වා ඇතුළු බැඩිමින්ටන් කේෂ්ත්‍රයට සහ ක්‍රීඩා කේෂ්ත්‍රයට සම්බන්ධ ආරාධිතයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

එම උත්සව අවස්තාව හා සබැඳි කෙට් වීඩයෝවක් සහ ඡායාරූප කිහිපියක් ද මේ සමඟ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...