රියාද් හරහා පැරිස් යන පාර සැප්තැම්බර් 4 දා සිට 17 දක්වා

Date:

ප්‍රංශයේ පැරිස් නුවර පැවත්වෙන් ඔලිම්පික් තරගය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයක් සේ සළකන 2023 ජාත්‍යන්තර බර ඉසිලීමේ සූරතාවලිය සැප්තැම්බර් 4 දා සිට 17 වන දා දක්වා සවුදි අරාබියේ රියාද් නුවර දී පැවත්වීමට කටයුතු සූදානම් වෙමින් ඇත.
පිරිමි සහ කාන්තා යන දෙපාර්ශවයෙන්ම පැවත්වෙන මෙම තරගාවලිය නියෝජනය කරන්නට ශ්‍රී ලංකාවෙන් ක්‍රිඩකයෙක් සහ ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබා ගෙන ඇත.ඒ අනුව ඉන්දික දිසානායක කිලෝ ග්‍රෑම් 73 බර පංතිය යටතේ තරගයට ඉදිරිපත් වන අතර ශ්‍රී මාලි සමරකෝන් තරග වදින්නේ කිලෝ ග්‍රෑම් 45 බර පංතිය යටතේය.කිලෝ ග්‍රෑම් 49 බර පංතිය යටතේ තරග බිමට පිවිසෙන්නී හංසනී ගෝමස් ය.
මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ආර්.බී.වික්‍රමසිංහ ය.සහය පුහුණුකරු ලෙස නදීක බණ්ඩාර කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...