ඇසළ පෙරහැර වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකළ වාර්ෂික කොප්පරා පූජාව ශ්‍රී දළදා මාලිගාවේදී….

Date:

නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW): සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයට ගෞරවයක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සිදුකරන කොප්පරා පූජාව ඊයේ (11) දින අලුයම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කෙරිණි.

මෙම පූජාව සිදුවුණේ යුද හමුදාපති මේජර් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඇසළ පෙරහර මංගල්‍යයේ වීදි ආලෝකමත් කිරීමට භාවිතා කරන පන්දම් සඳහා මෙම කොප්පරා යොදා ගැනෙන බව යුද හමුදාපති විකුම් ලියනගේ මහතා ප්‍රකාශ කළේය. කොප්පරා මෙට්‍රික් ටොන් 15ක ප්‍රමාණයක් ඇසළ පෙරහැර මංගල්‍යයට පරිත්‍යාග කෙරෙන අතර එය සංකේතාත්මක කරමින් යුද හමුදාපතිවරයා විසින් කොප්පරා බදුනක්  දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත ප්‍රදානය කරන ලදි.

එම කොප්පරා ශ්‍රී දළඳා මාලිගාව සහ නාථ, විෂ්ණු,පත්තිනි සහ කතරගම යන සිව්මහා දේවාලවල අවශ්‍යතාවය වෙනුවෙන් යොදා ගනී.

ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම කොප්පරා සකස් කොට ඇති අතර වර්ෂ 2014 සිට අඛණ්ඩව ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කොප්පරා පූජා කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකරන බව ද යුද හමුදාපති විකුම් ලියනගේ මහතා සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා සහ යුද හමුදාවේ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාවක් වෙලා තිබෙන බව පැහැදිලියි. වහාම විමර්ශනයක් ඕනෑ – පුබුදු සාක්ෂි පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු...

කොළඹ අයවැය : මාලිමාවට හේත්තු වුණු බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළකමින් උසාවි නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගරසභාවේ අයවැය සඳහා දෙවැනි...

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...