සටහන – රුවන් නෙළුගොල්ල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා ඒ කඳවුර සමග එක්ව සිටි රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
අද (13) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටු මූලස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
තමන් කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළත් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති නිසා ඔහුට සහාය දැක්වීමට තමන් තීරණය කළ බවයි ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත පැවසුවේ.